සී.අයි.ඒ. නිලධාරියා දුන් රහස්‌ ලියවිලි විනාශ කරන්න යෑයි කියමින් බ්‍රිතාන්‍ය රජය තර්ජනය කළා
- ගාඩියන් පුවත්පතේ කර්තෘ ඇලන් රස්‌බ්‍රිඡ්

හිටපු සී. අයි. ඒ. නිලධාරියකු වූ එඩ්වඩ් ස්‌නෝඩන් විසින් ලබාදුන් රහස්‌ ලියවිලි විනාශ කිරීමට ක්‍රියානොකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට බ්‍රිතාන්‍ය රජය තර්ජනය කළ බව ගාඩියන් පුවත්පතේ කර්තෘ ඇලන් රස්‌බ්‍රිජ¨ පවසයි.

අපිට එම ලියකියවිලි අවශ්‍යයි නැත්නම් අපි පියවර ගන්නවා යෑයි බ්‍රිතාන්‍ය නිලධාරියකු තමාට තර්ජනය කළ බව යෑයි හෙතෙම පළ කළේය.

බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ ආරක්‍ෂක විමර්ශකයන් දෙදෙනකු ගාඩියන් පුවත්පත් කාර්යාලයට පැමිණි බවද රස්‌බ්‍රිජ¨ හෙළි කළේය.

ස්‌නෝඩන් විසින් ලබාදුන් ලියවිලි සිය පරිගණකයේ තිබු බවත් එම ආරක්‍ෂක විමර්ශකයන් දෙදෙනා එකී ලියවිලි නිරීක්‍ෂණය කළ බවත් හෙතෙම පළ කළේය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.