හීත්රෝ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියාගෙන් බ්‍රිතාන්‍ය ඒජන්තවරු පැය 9ක්‌ ප්‍රශ්න කරති

ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් ගාඩියන් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වූ ග්ලේන් ග්‍රින්වෝල්ඩ්ගෙන් බුද්ධි සේවා ඒජන්තවරු හය දෙනෙක්‌ පැය නවයක්‌ තිස්‌සේ ප්‍රශ්න කර ඇත.

රියෝද ජැනයිරෝ නුවරට යාම සඳහා හිත්රෝ ගුවන්තොටුපලට පැමිණි අවස්‌ථාවේ ග්ලේන් ග්‍රින්වෝල්ඩ් අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්‌ත මර්දන නීතිරීති යටතේය.

ග්ලේන්ගේ පරිහරණය සහ ජංගම දුරකථනයද පරීක්‍ෂාවට ලක්‌ වී ඇත.

එකී උපාංග බුද්ධි සේවා නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

මේ බුද්ධි සේවා ඒජන්තවරු මගේ ජීවිතයට අදාළ සියළු තොරතුරු විමසුවා යෑයි හෙතෙම පළ කළේය.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.