2013 අගෝස්‌තු 21 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

බියගම විලේජ් පියා ඝාතනයට පුතා සහ මිතුරා අත්අඩංගුවට

'බියගම විලේජ්' හෝටලයේ හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික ඊබට්‌ බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුගේ පුත්‍රයා වන සුරංග ජයරත්න නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (19ා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.


ජාතික පාසල්වලට යළි දන්වන තුරු සිසුන් ගැනීම තහනම්

නැවත දැනුම් දෙනතුරු ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අත්හිටුවනු ලැබ ඇත. මේ බව චක්‍රලේඛයක්‌ මගින් සියලූම ජාතික පාසල් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

හැටන් සටන්
දිගම්බරම්ගේ හැටන් පක්‌ෂ කාර්යාල 4කට පහරදෙති

දෙසීයකට පමණ පිරිසක්‌ දිගම්බරම් මහතාගේ හැටන් ප්‍රධාන කාර්යාලයට පහරදීමට පැමිණ ඇති අතර තත්ත්වය පාලනය කිරීමට හැටන් පොලිසියේ කැරලි මර්දන ඒකකය එම ස්‌ථානයට පැමිණ අහසට වෙඩි තැබීමෙන් පසු නාඳුනන පිරිස පලාගොස්‌ ඇත.


කොළඹ මහ නගර සභාවේ ලේඛන ගිනි තැබීම ගැන පරීක්‍ෂණ අද අරඹයි

එම ලේඛනවල නගර සභාවේ වටිනා ලියකියවිලි රැසක්‌ තිබූ බවට අභ්‍යන්තර විගණනයකින් හෙළි වීමෙන් පසු සිද්ධියට සම්බන්ධ පළාත් ලේකම් කාර්යාලයේ නිලධාරීහු සිවුදෙනාගේ වැඩ තහනම් කර විධිමත් පරීක්‍ෂණයක්‌ කරන ලෙස

ප්‍රශ්න නොකර මගේ වැඩ තහනම් කිරීමට තැත් කිරීම අසාධාරණයි - නාගරික ලේකම්

තමාගේ කාර්යාලයේ යතුරු සැඟවීම අබිරහසක්‌ බවත් සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු යතුරු හමු වූ බවත් ඇය සඳහන් කළාය.

නාගරික මන්ත්‍රී දළදා පුද බිමේදී සූර් වේ

මහනුවර ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රය තුළ මත්පැන් පානය කරමින් සිටියදී පෙරේදා (19 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මහනුවර නගර සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනාට ලබන 29 දා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇප මත නිදහස්‌ කර තිබේ.

ත්‍රිරෝද රථ යොදාගෙන වැරදි වැඩ කරන පොලිස්‌  නිලධාරීන්ට නීතිය දැඩි වෙයි

පොලිස්‌ නිලධාරීන් ත්‍රිරෝද රථ යොදාගෙන ගණිකාවන් ප්‍රවාහනය කරන බවට නගන චෝදනාව ඉතා බරපතළ බවද මෙවැනි නිලධාරීන්ගේ නම් ගම් තොරතුරු ලබා ගන්නා බවද පොලිසිය කියයි.

දෙමළ සන්ධානය බළලුන් ලවා කොස්‌ ඇට බෑමට තැත් කරයි

ලබන නොවැම්බර් මස කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට ඉන්දියාව ලවා වර්ජනය කිරීමේ මෙහෙයුමක්‌ ද්‍රවිඩ සන්ධානය දියත් කර ඇත.

සරලා ජෙයරත්නම් යාපනයේදී නවි පිල්ලේ හමුවී කරුණු කියයි

සිය සැමියා කොළඹදී පැහැරගෙන යැමෙන් පසු වන්නියේ රඳවා තබාගෙන සිටි බවත් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට පවා ඔහු ගැන දැනුම් නොදී තොරතුරු වසන් කර තිබූ බවත් ඇය කියා සිටී.

වේ ප්‍රොaටීන් අඩංගු ආහාර රැසක්‌ වෙළෙඳපොළෙන් ඉවතට

පසුගිය සතිය තුළදී දිවයින පුරා වෙළෙඳසල්වල සිදු කළ වැටලීම්වලදී වේ ප්‍රොaටීන් හා වේ පවුඩර් අඩංගු කිරිපිටි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන එක්‌ලක්‍ෂ හතළිස්‌ දෙදහස්‌ හාරසිය විසිහයක තොගයක්‌ භාවිතයෙන් ඉවත් කර මුද්‍රd තැබූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඩී.සී. ඩී. හා බොටියුලිනම් ප්‍රශ්නයේදී
රටට ජනතාවට වගකියන ආහාර පිළිබඳ නිසි බලධාරියකු මෙරට නොමැති බව තහවුරු කරලා
ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති

මෙම ප්‍රශ්නයේදී බොරදියේ මාළු බාන නව ප්‍රතිපත්තීන් හා ඒ ඔස්‌සේ මතුවන ජාතික වීරයන්ට වඩා නිවැරැදි ක්‍රමවේදයක්‌ ඔස්‌සේ තම අඩුපාඩු සකස්‌ කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කළ යුතුව ඇතැයි කුමුදේශ් මහතා කීවේය.

මහනුවර
මහ පෙරහැර...


මහනුවර වාර්ෂික දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (20) රාත්‍රි විථි සංචාරය කරනු ලැබීය. රාත්‍රි 7.55 ට යෙදුණු සුභ මොහොතින් ඇරැඹි පෙරහැරේදී කරඬුව රැගත් නැදුන්ගමුවේ රාජා ඇතා මහත් ගාම්භීර ආකාරයෙන් දළදා මාලිගාවෙන් පිටතට පැමිණෙන අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
- තිවංක අබේරත්න

පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේදී පාසලත්
නිවසත් අතර දුර මනින හැටි ගැටලුවක්‌

ගෘහමූලික ගණය යටතේ ඉල්ලුම් කරන අයෑදුම් කරුවෝ මෙම ගැටලුවට සෘජුවම මුහුණ දෙති.

එළ කිරි මයෙ අම්මා

දැන් බලන්ට මයෙ අම්මා, අර වරකාපොල කෙල්ල. ඔය කෙල්ල බීපු තරමක්‌ බිව්වේ මව් කිරි. වෙන මොකුත්ම බීවේ නැහැ කියලා දොස්‌තර මහත්තුරු ඉහේ ගහලා දිවුරලා තමයි කීවේ. මයෙ අම්මා කිරිම බොන්ට. වතුර නං ඉල්ලන්ටවත් එපා.


'ප්‍රේමය ඉල්ලා නොලැබුණ විටදී'
බසයේ යමින් සිටි සිසුවිය මහරගමදී පැහැරගන්න තැතක්

සිසුවිය පෞද්ගලික පංතියකට සහභාගි වී නිවෙස බලා බස්‌ රථයෙන් යමින් සිටියදී එය පසුපසින් පැමිණ ඇති සැකකාර තරුණයා ඇතුළු කල්ලිය රැගත් මෝටර් රථය මහරගමදී එම බස්‌ රථය හරස්‌කර නවතා තිබේ. ඉන් බැසගත් තරුණයා බසයට ගොඩවී ....

නීති විරෝධී ඡන්ද පෝස්‌ටර් ඉවත් කිරීම අනිද්දා සිට

මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කළ හැක්‌කේ රැස්‌වීම් භූමියේ පමණක්‌ වුවත් විශාල ප්‍රමාණයේ කටවුට්‌ සෑම ප්‍රදේශයකම ප්‍රදර්ශනය කර ඇතැයිද කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙහි එය බහුලව දැකීමට ඇතැයිද මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

ඡන්ද පැමිණිලි
150 ට නගී

රජයේ වාහන අයථා ලෙස මැතිවරණ ප්‍රචාරයට යොදා ගැනීමේ පැමිණිලි 29 ක්‌, මැතිවරණ රැස්‌වීම්වලට රජයේ නිලධාරීන් එක්‌කර ගැනීම පිළිබඳ පැමිණිලි 19 ක්‌, නීති විරෝධී රැස්‌වීම් පැමිණිලි 19 ක්‌, පෝස්‌ටර් හා ප්‍රචාරක දැන්වීම් පිළිබඳ පැමිණිලි 25 ක්‌ද ඒ අතර වෙයි.

විපක්‍ෂ නායක භාරතීය ජනතා පක්‍ෂ ජාතික සභාපති හමුවෙයි

මෙම හමුවේදී, 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සහ මෙරට පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය මෙන්ම උතුරේ ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන්ද පුළුල් වශයෙන් සාකච්ඡා කෙරිණි.

අවුරුදු 123 ක මිනිසෙක්‌ හමුවේ

නරි මස්‌ සහ උරුලෑවන්ගේ මස්‌ දිනපතාම පාහේ ආහාරයට ගැනීම තමා දිගු කල් ජීවත්වීමේ රහස බව මේ කිරිකිත්තා කියයි.

වසර 2015 වනවිට ලූනු සහ මිරිස්‌වලින්
රට ස්‌වයංපෝෂිත කරනවා

අර්තාපල් ආනයනය 50% කින් අඩු කරනවා

වසර 2015 වනවිට ලූනු, මිරිස්‌වලින් ස්‌වයංපෝෂි තවීමත් අර්තාපල්වලින් සියයට පනහක්‌ ආනයනය අඩු කිරීමත් තම අරමුණ බව කෘෂිකර්ම දෙපාර්තමේන් තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රෝහණ විඡේකෝන් මහතා පවසයි.

ද්‍රවිඩ සන්ධානයේ යුද අපරාධ වීඩියෝ පට රජයෙන් නවි පිල්ලේ වෙත

වන්නියේ කොටි බංකර්වල තිබී සොයාගත් වීඩියෝ පට රැසක ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයෝ සහ කොටින්ගේ රහස්‌ සාකච්ඡා පටිගත වී තිබේ. මේ වීඩියෝ පට ආරක්‌ෂක බලධාරීන් විසින් සොයාගෙන ඇත.


 
  • වකුගඩු රෝගීන්ගේ හෙට දවස

    වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාදාමයෙහිදී සිදුකරනු ලබන කෙටි කාලීන රුධිර කාන්දු පෙරණය, බද්ධ කිරීමේ ශල්‍ය කර්මය, බද්ධ කිරීමට පෙර සහ පසු භාවිතා කරනු ලබන මිල අධික බෙහෙත් ආදී සියල්ලම ශ්‍රී ලංකා රජයෙන් නොමිලේ ලබාදෙනු ලබන්නේ ලොව අන් රටවල්ද පුදුqමයට පත් කරමිනි.

  

  


 
  • ආසියානු නැගී එන කණ්‌ඩායම් කුසලාන තරගාවලිය
    ෂෙහාන් ජයසූරියගේ ශතකය
    ශ්‍රී ලංකාවට දෙවැනි ජය ගෙනෙයි

    ආසියානු ක්‍රිකට්‌ කවුන්සිලය සංවිධානය කරනු ලබන ආසියානු නැගී එන කණ්‌ඩායම් කුසලාන සීමිත පන්දුවාර ක්‍රිකට්‌ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය එක්‌සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිව වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්‌ඩායම ඊයේ (20 දා) සමත් විය.

  

Kapruka Shopping |  News


liya




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.