නීති විරෝධී ඡන්ද පෝස්‌ටර් ඉවත් කිරීම අනිද්දා සිට

රනිල් ධර්මසේන

වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභා බල ප්‍රදේශවල නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කර ඇති පෝස්‌ටර්, කටවුට්‌ හා දැන්වීම් පුවරු ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්‌ අනිද්දා (23දා) සිට ආරම්භ කිරීමට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර ඇත.

පොලිසිය හා මැතිවරණ නිලධාරීන් එක්‌ව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුම සතියකින් අවසන් කිරීමට නියමිතය.

මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කළ හැක්‌කේ රැස්‌වීම් භූමියේ පමණක්‌ වුවත් විශාල ප්‍රමාණයේ කටවුට්‌ සෑම ප්‍රදේශයකම ප්‍රදර්ශනය කර ඇතැයිද කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙහි එය බහුලව දැකීමට ඇතැයිද මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

මැතිවරණ බලප්‍රදේශවල පිහිටුවා ඇති අනවසර පක්‍ෂ ප්‍රචාරක කාර්යාල මේ වන විට හඳුනාගෙන ඇතැයිද එම කාර්යාලද ඉවත් කිරීමට මෙම සතියේ දී කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.