ප්‍රශ්න නොකර මගේ වැඩ තහනම් කිරීමට තැත් කිරීම අසාධාරණයි
- නාගරික ලේකම්

නෝමන් පලිහවඩන

කොළඹ නගර සභාවේ ලිපි ගොනු කනත්තට රැගෙන ගොස්‌ ගිනි තැබීමේ සිද්ධිය පිළිබඳව තමාගෙන් වචනයක්‌වත් ප්‍රශ්න නොකර වැඩ තහනම් කිරීමට තැත්කිරීම අසාධාරණයක්‌ බව කොළඹ නගර සභාවේ නාගරික ලේකම් එච්. ඩී. සී. ජානකී මහත්මිය "දිවයින"ට පැවසූවාය.

මෙම සිද්ධිය පිළිබඳව පළාත් පාලන කොමසාරිස්‌වරයා සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වන බව තමාට විශ්වාස යෑයි පැවසූ ජානකී මහත්මිය ගිනි තැබූ ලිපි ලේඛන අතර වැදගත් ලිපි ලේඛන තිබෙන බවට චෝදනා නගන උදවියගෙන් එම ලිපි ලේඛන පිළිබඳව පැහැදිලි කරන ලෙස තමා ඉල්ලා සිටින බවද සඳහන් කළාය.

තමාගේ කාර්යාලයේ යතුරු සැඟවීම අබිරහසක්‌ බවත් සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු යතුරු හමු වූ බවත් ඇය සඳහන් කළාය.

මෙම යතුරු සැඟවීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්‍ෂණයක්‌ දැන් ආරම්භ කර ඇති බවද ජානකී මහත්මිය සඳහන් කළාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.