ඡන්ද පැමිණිලි 150 ට නගී

රනිල් ධර්මසේන

පළාත් සභා තුනෙහි ඊයේ (20 වැනිදා) දිනය අවසන් වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳ පැමිණිලි 150 ක්‌ ලැබී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැමිණිලි ඒකකය පවසයි.

රජයේ වාහන අයථා ලෙස මැතිවරණ ප්‍රචාරයට යොදා ගැනීමේ පැමිණිලි 29 ක්‌, මැතිවරණ රැස්‌වීම්වලට රජයේ නිලධාරීන් එක්‌කර ගැනීම පිළිබඳ පැමිණිලි 19 ක්‌, නීති විරෝධී රැස්‌වීම් පැමිණිලි 19 ක්‌, පෝස්‌ටර් හා ප්‍රචාරක දැන්වීම් පිළිබඳ පැමිණිලි 25 ක්‌ද ඒ අතර වෙයි.

එමෙන්ම ප්‍රචණ්‌ඩ ක්‍රියා පැමිණිලි 10 ක්‌ද, පහරදීම් පැමිණිලි 07 ක්‌ද, පුද්ගලික තොරතුරු සෙවීම පිළිබඳ පැමිණිලි 07 ක්‌ද වාර්තාවී තිබේ.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එරෙහිව ලැබී ඇත. එමෙන්ම කුරුණෑගල හා මාතලේ දිස්‌ත්‍රික්‌කයෙන් වැඩිම පැමිණිලි ප්‍රමාණයත් ලැබී ඇතැයිද එම ඒකකයේ නිලධාරියෙක්‌ පැවසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.