රතුපස්‌වල සිද්ධිය අද මැතිසබයේ විවාදයට ගනී

අජිත් අලහකෝන්

වැලිවේරිය රතුපස්‌වල සිදුවීම පිළිබඳව අද (21 දා) පාර්ලිමේන්තුවේදී විවාද කෙරේ.

විපක්‌ෂයේ ඉල්ලීම මත මෙම විවාදය සිදු කෙරෙන අතර එක්‌සත් ජාතික පක්‌ෂය විසින් සභාව කල්තබන අවස්‌ථාවේදී විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ඇත. පසුගියදා පැවැති පක්‌ෂ නායක රැස්‌වීමේදී රතුපස්‌වල සිද්ධිය සම්බන්ධයෙන් විවාදයක්‌ ලබාදිය යුතු බවට එක්‌සත් ජාතික පක්‌ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ආණ්‌ඩු පක්‌ෂයෙන් කළ ඉල්ලීමට අනුව අද මෙම විවාදය සිදු කෙරේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.