අවුරුදු 35 ට වැඩි අභ්‍යාසලාභී උපාධිධාරීන්
ස්‌ථිර කිරීමට අනුමැතිය


චමින්ද සිල්වා

අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන සිටින වයස අවුරුදු 35 ත් 45 ත් අතර උපාධිධාරීන් ස්‌ථිර කිරීමට කැබිනට්‌ අනුමැතිය ලැබී ඇත.

උපාධි සහතිකය පමණක්‌ එකම සුදුසුකම ලෙස සලකා බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 51,000 අතර වයස 35 ත් 45 ත් අතර 3600 ක්‌ පමණ පිරිසක්‌ වූහ. මෙම පිරිස ලබන සතියේ සිට ස්‌ථිර කිරීමට පියවර ගැනේ.

වසරක්‌ සම්පූර්ණ වී ඇතත් මෙම පිරිස ස්‌ථිර කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයට නොහැකිව ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා විසින් පසුගිය (15 වැනිදා) කැබිනට්‌ මණ්‌ඩලයට මේ පිරිස ස්‌ථිර කරන ලෙස ඉදිරිපත් කළ පත්‍රිකාවට අනුමැතිය ලැබුණු බව අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා 18 වැනිදා පැවසීය.

උපාධිධාරීන් ලෙස ඩිප්ලෝමා උපාධි සහතික තිබෙන පිරිසද අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන සිටින නිසා ඔවුන් ස්‌ථිර කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයිද අබේකෝන් මහතා කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.