වසර 2015 වනවිට ලූනු සහ මිරිස්‌වලින්
රට ස්‌වයංපෝෂිත කරනවා

අර්තාපල් ආනයනය 50% කින් අඩු කරනවා

සිරිල් විමලසුරේන්ද්‍ර

වසර 2015 වනවිට ලූනු, මිරිස්‌වලින් ස්‌වයංපෝෂිතවීමත් අර්තාපල්වලින් සියයට පනහක්‌ ආනයනය අඩු කිරීමත් තම අරමුණ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රෝහණ විඡේකෝන් මහතා පවසයි.

ආචාර්ය රෝහණ විඡේකෝන් මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 12 වැනි අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙයි. මොනරාගල සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයන්හිදී ලොකු ලූනු වගා කිරීමට නව වැඩපිළිවෙළට ඇතුළත් බව ආචාර්ය රෝහණ විඡේකෝන් මහතා නව තනතුරේ වැඩ ආරම්භ කරමින් පැවැසීය. කෘෂිකාර්මික රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාව දේශීය ආහාරයෙන් ස්‌වයංපෝෂිත විය යුතු බවත් ඒ අනුව කෘෂිකර්මාන්තයේ නවෝදයක්‌ ක්‍රියාත්මක විය යුතු බවත් පැවැසූ ආචාර්ය රෝහණ විඡේකෝන් මහතා කෘෂිකර්මාන්තයේ යහපත් පරිවර්තනයක්‌ ඇතිවූයේ 1972 වර්ෂයේදී යෑයිද පෙන්වා දුන්නේය.

ඉහළ පෝෂණ තත්ත්වයක්‌ ජනතාවට ලබාදෙන භෝග වගාවට ප්‍රමුඛතාව ලබාදීම කාලීන අවශ්‍යතාව බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවැසීය. එම අරමුණු ඉටුවීම පිණිස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව සුවිශේෂී වගකීමක්‌ තිබෙන බව ද හෙතෙම තවදුරටත් පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.