ඉන්දීය ධීවරයන් ලෙස දරුවන් සමග උතුරට පැමිණි කොටි යුවළ අත්අඩංගුවට

නෝමන් පලිහවඩන

ඉන්දීය ධීවරයන් ලෙස ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු තීරයට පැමිණි කොටි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකත්වය ලැබූ අඹු සැමි යුවළක්‌ ඇතුළු ඔවුන්ගේ දරුවන් තිදෙනා නාවික හමුදාව මගින් ඊයේ (20දා) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා තලේමන්නාරම පොලිසියට භාරදී ඇත.

පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන අංශය මගින් මේ පිළිබඳව ඔවුන් ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යයි.

1999 වසරේ කොටි සංවිධානයට බැඳී බුද්ධි අංශයේ සේවය කළ මෙම යුවළ දරුවන් සමග ඉන්දියාවට පලාගොස්‌ එහි සරණාගත කඳවුරක ජීවත් වී ඇත.

මෙසේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන කොටි සාමාජිකයන් බොහෝ දෙනෙකු ධීවරයන් ලෙස පැමිණ ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළිවී ඇත.

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත්වන කොටි සාමාජිකයන් වැඩි දෙනෙකු දැල් ආම්පන්න රැගෙන යළි යාපනයට පැමිණීම සඳහා මෙම උපක්‍රමය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.