කිරි ආහාර ගැන අට වැදෑරුම් ප්‍රතිපත්තිය හෙට ඇමැති අතට

ඒමන්ති මාරඹේ

මෙරටට ආනයනය කරනු ලබන කිරි ඇතුළු ආහාරවල සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා අටකින් සමන්විත අටවැදෑරුම් ප්‍රතිපත්තියක්‌ හෙට (22 වැනිදා) තම සංගමය විසින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ඊයේ (20 වැනිදා) පැවසීය.

රට තුළ දියර කිරි පානය ප්‍රචලිත කිරීම, මෙරටට ගෙන එන ආහාර වර්ගවල අඩංගු විෂ ද්‍රව්‍ය පිළිබඳව පරීක්‍ෂා කර බැලීම සඳහා අවශ්‍ය විෂවේදය සහ පෝෂණවේදය පිළිබඳ වෛද්‍යවරුන් බිහිකිරීම හා ආහාර පනතේ නීතිරීති දැඩි කිරීම ඇතුළු යෝජනා අටක්‌ මෙම ප්‍රතිපත්තියට ඇතුළත් වෙයි. මෙම අටවැදෑරුම් ප්‍රතිපත්තිය පිළිබඳ ඉදිරියේදී රටේ විද්වතුන් අතර කතිකාවක්‌ ඇති කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.