සිංහල, දෙමළ, මුස්‌ලිම් ලෙස නොබෙදී
අප එකම ජාතියක්‌ ලෙස නැගී සිටිය යුතුයි

- හිටපු ඇමැති ඉමිතියාස්‌ බාකීර් මාකර්

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

බෙදුම්වාදී යුද්ධය දැන් අවසන් වී ඇති හෙයින් දැන් අපි ජාතිවාදී ආගම්වාදී හැඟීම් වලින් මිදී එක ජාතියක්‌ වශයෙන් නැගී සිටින්න ඕනෑ යෑයි හිටපු ජනමාධ්‍ය ඇමැති ඉමිතියාස්‌ බාකීර් මාකර් මහතා ඉකුත් 17 වැනිදා අළුත්ගම දර්ගා නගරයේදී පැවැසීය.

දර්ගා නගරයේ නජිබ් හජියාර් අධ්‍යාපන මධ්‍යස්‌ථානයේ නව තෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබීම හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට උපහාර පිදීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී හිටපු ජනමාධ්‍ය ඇමැතිවරයා එසේ කීය.

පසුගිය වසරේ පහ වසර ශිෂ්‍යත්ව සමත් දූ දරුවන්ට ත්‍යාග පිරිනැමීමක්‌ද සිදුවිය.

මෙම උත්සවයේදී තවදුරටත් කතා කළ හිටපු ජනමාධ්‍ය ඇමැති ඉමිතියාස්‌ බාකීර් මාකර් මහතා මෙසේද කීය.

මේ රටේ ජීවත්වන අප ඉතිහාසය ගැන දැනීමත් ලබා ගන්න ඕනෑ. ඉතිහාසය ඉගෙන ගන්න ඕනෑ. රටේ ඉතිහාසය ගමේ ඉතිහාසය හා පවුලේ ඉතිහාසය දැනගන්න ඕනෑ.

අපේ පිය පාර්ශ්වය අරාබියෙන් පැමිණි අයයි. මව් පාර්ශ්වය ලංකාවේ සිංහල කාන්තාවන් බව අමතක කරන්න එපා.

ළිඳේ ඉන්න මැඩියා වගේ අපි සිංහල මුස්‌ලිම්, දෙමළ හා බර්ගර් කියලා කල්පනා කරන්න හොඳ නැහැ බෙදෙන්න හොඳ නැහැ. සියලු දෙනාම එක ජාතියක්‌ වශයෙන් කටයුතු කරන්න ඕනෑ. ඉස්‌ලාම් ආගම ඉන්දියාව, චීනය, අරාබිය, අමෙරිකාව වැනි රටවල සංස්‌කෘතිය සමග ගමන් කරනවා.

මුස්‌ලිම් ජනතාවද සිංහල සංස්‌කෘතියට ගරු කරමින් ඉදිරියට යන්න ඕනෑ.

වෛරි දේශපාලනය අවසන් කරන්න ඕනෑ. වෛරය පෙර දැරි කරගෙන කටයුතු කරන්න හොඳ නැහැ අල්ලපු ගෙදර දරුවාගේ හිස අතගාන විට තමන්ගේ දරුවන් හොඳට හැදෙනවා යෑයි දිවංගත මාගේ පියා වන හිටපු කථානායක බාකීර් මාකර් මැතිතුමා නිතරම කියනවා. අපි සෑම දෙනාම කරුණාව ආදරය දක්‌වන්න ඕනෑ. සියලුම දෙනා එකමුතුව මේ රටේ බෙදුම්වාදී යුද්ධයක්‌ ඇති නොවන්නට කටයුතු කරන්න ඕනෑ.

බේරුවල ප්‍රදේශයේ පවතින සිංහල මුස්‌ලිම් සමගිය ගැන අගය කරනවා. එම සමගිය ඉදිරියේදීත් රැක ගැනීම ආරක්‌ෂා කිරීම උගත් බුද්ධිමත් ජනතාවගේ වගකිSමක්‌ බව සඳහන් කරන්න ඕනෑ. බේරුවල බුද්ධිමත් ජනතාව නිසයි මාගේ පියා 1977 මැතිවරණයේදී දිවයිනෙන්ම අති විශාල ඡන්ද සංඛ්‍යාවක්‌ ලබාගෙන බේරුවල පළමු මන්ත්‍රිවරයා වශයෙන් පාර්ලිමේන්තුවට ගිය බව අමතක කරන්න බැහැ.

දර්ගා නගරය නජිබ් හජියාර් අධ්‍යාපන මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ නාජිබ් හජියාර් මහතා මෙම පාසල සිංහල, මුස්‌ලිම් හා දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද විවෘත බව සඳහන් කරන්න ඕනෑ. ලබන වසරේ බේරුවල සිංහල පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද ත්‍යාග හා සහතික පත්‍ර ලබාදීමට මා තීරණය කර තිබෙනවා. මෙම රැස්‌වීම අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. අස්‌ලම් මහතාද කතා කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.