ජ.වි.පෙ නායකයන් චීනයේ චාරිකාවක

දකුණු ආසියාවේ සමාජවාදී පක්‌ෂ සඳහා සංවිධානය මගින් දකුණු ආසියාවේ සමාජවාදි පක්‌ෂ සඳහා සංවිධානය කරන ලද චීනයේ පැවැත්වෙන ඉහළ පළේ ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීමට ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ හා මධ්‍යම කාරක සභික වෛද්‍ය එච්. පී. ධම්මික ඊයේ දින චීනය බලා පිටත් වූහ. මෙම ජාත්‍යන්තර සමුළුව චීන කොමියුනිස්‌ට්‌ පක්‌ෂය විසින් සංවිධානය කරනු ලැබ ඇති අතර චීන කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ ආරාධනාවක්‌ මත මෙම අධ්‍යයන චාරිකාවට ජ.වි.පෙ. නායකයන් සහභාගි වේ.

මෙම සමුළුවට සහභාගිවීමට අමතරව පක්‌ෂ නියෝජිතයෝ චීන විප්ලවයට සම්බන්ධ ඓතිහාසික ස්‌ථානවලදී චීන විප්ලවයේ අත්දැකීම් පිළිබඳ අධ්‍යාපන සාකච්ඡා හා වැඩමුළුවලටද සහභාගි වන අතර ඒ ඒ ප්‍රාන්තවල පිහිටි චීන කොමියුනිස්‌ට්‌ පක්‌ෂ පාසල්වල දී ඒවායේ ප්‍රධානීන් හා කථිකාචාර්යවරුන් සමග සමාජවාදය ගොඩ නැගීම, චීන කොමියුනිස්‌ට්‌ පක්‌ෂය ඇති අත්දැකීම් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන 2013 අගෝස්‌තු 20 දින සිට අගෝස්‌තු 30 දින දක්‌වා දින 10 ක්‌ නොකඩවා ක්‍රියාවට නැගේ. ඉහත සඳහන් ජාත්‍යන්තර සමුළුවට ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය යන රටවල්ද සහභාගි වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.