'ප්‍රේමය ඉල්ලා නොලැබුණ විටදී'
බසයේ යමින් සිටි සිසුවිය මහරගමදී පැහැරගන්න තැතක්‌
කට්‌ටියම අද උසාවියට

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

පිටකොටුවේ සිට හෝමාගම බලා ධාවනය වෙමින් තිබූ බස්‌ රථයක ගමන් කරමින් සිටි නුගේගොඩ බාලිකා විදුහලක උසස්‌ පෙළ සිසුවියකට තර්ජනය කර බලෙන් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයින් පස්‌දෙනකු මෝටර් රථයක්‌ සමග මහරගමදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04-පිටුවට

සිසුවිය පැහැර ගැනීමට උත්සාහ දරා ඇත්තේ ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පැවැත්වීමට දිගින් දිගටම උත්සාහ දරමින් සිටි තරුණයකු ඇතුළු කල්ලියක්‌ බව පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළිවී ඇත.

සැකකාර තරුණයා 18 හැවිරිදි අයකු බවත් ඔහු හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි අයකු බවත් කලක සිට ඔහු ඇය සමග ප්‍රේමසම්බන්ධයක්‌ ගොඩනගා ගැනීමට උත්සාහ දැරුවද එම සිසුවිය එය අවස්‌ථා ගණනාවකදීම ප්‍රතිෂේප කර ඇතැයි හෙළිවී තිබෙන බවත් පොලිසිය පවසයි.

පනාගොඩ පදිංචි සිසුවිය පෞද්ගලික පංතියකට සහභාගි වී නිවෙස බලා බස්‌ රථයෙන් යමින් සිsටියදී එය පසුපසින් පැමිණ ඇති සැකකාර තරුණයා ඇතුළු කල්ලිය රැගත් මෝටර් රථය මහරගමදී එම බස්‌ රථය හරස්‌කර නවතා තිබේ. ඉන් බැසගත් තරුණයා බසයට ගොඩවී එහි සිටි සිසුවියට තර්ජනය කර පැහැර ගැනීමට අත්සාහ දැරීමේදී බසයේ සිටි මගීන් මහරගම පොලිසියට දුරකථ මාර්ග ඔස්‌සේ සිද්ධිය පිළිබඳ දැනුම් දී තිබේ.

එහිදී ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ සැකකරුවන් හා මෝටර් රථය පොලිස්‌ භාරයට ගෙන තිබේ. සැකකරුවන් අද (21 වැනිදා) නුqගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳව මහරගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සෙනරත් දියකෙළිනාවල මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වේ.



මහනුවර මහ පෙරහැර...
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.