ඒඩ්ස්‌ ව්‍යාප්තිය අඩු කරන්න සංගණනයක්‌

ජයන්තිපුර - උඩගෙදර

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන වැඩසටහන මගින් දිවයින පුරා පවත්වන සංගණනයක්‌ මේ දිනවල ක්‍රියාත්මක වේ. කණ්‌ඩායම් හතරක්‌ හඳුනාගෙන ඔවුන් ඉලක්‌ක කරගනිමින් මෙම සමීක්‍ෂණය සිදු කරයි.

ගණිකා වෘත්තියෙහි නිරතවන කාන්තාවන්, මත්ද්‍රව්‍ය පරිහරණය කරන අය, සම ලිංගික සේවනයෙහි යෙදෙන පිරිස්‌, වෙරළ කලාපවල ළමුන් මෙම ඉලක්‌කගත කණ්‌ඩායම් වේ.

ඉදිරි අවුරුදු 4-5 කාලය තුළ මෙම පුද්ගලයන්ගෙන් සමාජයට වන බලපෑම ගණනය කිරීම මගින් එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගයේ ව්‍යාප්තිය අවම කිරීම මෙහි අරමුණයි. මෙම සංගණනය සඳහා රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ හා ප්‍රජාවගේ සහයෝගය සෞඛ්‍ය අමාත්‍යාංශය ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා අපේක්‍ෂා කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.