වැලිමඩ බිලිඳිය අපයෝජනය කර මරා දමලා
සුළු පියා සැකපිට අල්ලයි

වැලිමඩ - අර්නි දඹදෙණිය

වැලිමඩ පොලිස්‌ බල ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස දෙකක්‌ වයසැති දැරියක්‌ අපයෝජනය කර මරා දැමුවේ යෑයි සැකපිට දැරියගේ සුළු පියා වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 16 දා මෙම දැරිය අසනීප තත්ත්වයක්‌ ඇති බව පවසා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබියදී මියගොස්‌ තිබේ. එම අවස්‌ථාවේදී දැරිය රෝහලට භාරදුන් මෙම සුළු පියා රෝහලින් පළාගොස්‌ ඇත.

මෙම දැරියගේ මරණය සැක සහිත බැවින් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා බදුල්ල මහ රෝහලට යොමුකරන ලදුව එහිදී දැරියට බරපතළ ලිංගික අපයෝජනයක්‌ කර ඇති බව හෙළිවිය.

එසේම හිසට දැඩි තෙරපීමක්‌ ලද බවද කියවින.

මේ අනුව වැලිමඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක තුසිත් කුමාර මහතා විසින් උඩපුස්‌සැල්ලාව රක්‌වාන ප්‍රදේශයේ සැඟවී සිටියදී මෙම සුළු පියා අත්අඩංගුවට ගෙන තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.