වැලිකොන්දේ 10 වැනි පිළිකා රෝගියාත් මරුට

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

ඉමදුව වැලිකොන්ද ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයකු පිළිකා රෝගී තත්ත්වයෙන් පෙරේදා (19දා) රාත්‍රී ගාල්ල කරාපිටිය ශීක්‍ෂණ රෝහලේදී මිය ගොස්‌ ඇත. මෙසේ මියගොස්‌ ඇත්තේ සරත් පියතිස්‌ස (42) මහතායි.

ඉමදූව වැලිකොන්ද ප්‍රදේශයේ ස්‌වසන රෝග හා පිළිකා රෝගී තත්ත්වයන් බහුලවීමේ තර්ජනයකට ප්‍රදේශවාසීහු මුහුණ පා සිටිති. ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්තවලට අනුව ඉකුත් වසර පහ තුළ වැලිකන්ද, ප්‍රදේශයේ පිළිකා රෝගීන් තිස්‌දෙදෙනකු වාර්තා වී ඇති අතර ඉන් දහදෙනකු මේ වන විට මිය ගොස්‌ ඇත.

පෙරේදා රාත්‍රී මිය ගිය පුද්ගලයා සමග මේ වන විට මියගොස්‌ ඇති වැලිකොන්දේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දහය දක්‌වා ඉහළගොස්‌ ඇත. මිය ගිය ව්‍යාපාරිකයාට පිළිකා රෝගය වැළදීමත් සමග ඒ ආසන්නයේ පිහිටි කම්හලකින් නැගෙන බැව් කියන විෂදුම හේතුවෙන් වැලිකොන්ද ප්‍රදේශයේ පිළිකා රොගීන් සංඛ්‍යාව, වර්ධනය වීමට හේතු වී ඇතැයි. ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම පිළිකා හා ස්‌වසන රෝග තත්ත්වයන් පිළිබඳ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලය ප්‍රදේශයේ ජල මුලාශ්‍රවලින් ජල සාම්පල් ලබා ගෙන ඒවා කළුතර සෞඛ්‍ය විද්‍යා පර්යේෂණාගාරය වෙත යෑවීමට කටයුතු කර තිබුණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.