ආසියානු නැගී එන කණ්‌ඩායම් කුසලාන තරගාවලිය
ෂෙහාන් ජයසූරියගේ ශතකය ශ්‍රී ලංකාවට දෙවැනි ජය ගෙනෙයි

ආසියානු ක්‍රිකට්‌ කවුන්සිලය සංවිධානය කරනු ලබන ආසියානු නැගී එන කණ්‌ඩායම් කුසලාන සීමිත පන්දුවාර ක්‍රිකට්‌ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය එක්‌සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිව වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්‌ඩායම ඊයේ (20 දා) සමත් විය.

කණ්‌ඩායම් අටක්‌ තරග වදින අදාළ තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර පළමු ජය බංග්ලාදේශ වයස අවුරුදු 23 න් පහළ කණ්‌ඩායමට එරෙහිව වාර්තා කිරීමට සමත් විය. ඊයේ ලද ජයත් සමග zබීZ කාණ්‌ඩයෙන් අපාරාජිතව පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පිති ප්‍රහාරයක්‌ දියත් කළ ෂෙහාන් ජයසූරිය පන්දු 121 කදී හතරේ පහර හතරක්‌ සහ හයේ පහර තුනක්‌ සමග ලකුණු 101 ක්‌ ලබා ගත්තේය. ඒ අනුව මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමටද ෂෙහාන් ජයසූරිය සමත්ව සිටී.

පළමුව පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රී ලංකා වයස අවු( 23 න් පහළ කණ්‌ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 235 ක්‌ ලබාගත් අතර පිළිතුරු ලෙස නියමිත පන්දුවාර 50 අවසනදී එක්‌සත් අරාබි එමීර් රාජ්‍යට කඩුලු 9 ක්‌ දැවී ලබාගත හැකිවූයේ ලකුණු 205 ක්‌ පමණි.

ලකුණු තත්ත්වය

ශ්‍රී ලංකා වයස අවු( 23 න් පහළ කණ්‌ඩායම පන්දුවාර 50 අවසනදී ලකුණු 235 යි. (උදාර ජයසුන්දර 38, ෂෙහාන් ජයසූරිය 101, ධනුෂ්ක ගුණතිලක 23, ෂදීප් සිල්වා 31/1, නසීර් අසීස්‌ 39/3 යි.)

එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය පන්දුවාර 50 කදී කඩුලු 9ට ලකුණු 205 යි. (සයිමන් අන්වර් 53, සකීබ් අලී 71, ලහිරු ජයරත්න 36/3, චරිත් ජයම්පති 41/2 යි.)

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v