මලල ක්‍රීඩා ලෝක ශූරතාව රුසියාවට



ලෝක ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනාගනු ලබන රට කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් පැවැති අතිශය තීරණාත්මක මීටර 4x400 කාන්තා සහය දිවීමේ ඉසව්ව ජය රුසියානු කාන්තා කණ්‌ඩායම දිනා ගැනීමත් සමග 14 වැනි වරටත් පැවැති ලෝක ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනාගත් රට බවට සත්කාරක රුසියාව ඉකුත් 18 වැනිදා තේරී පත්විය.

රන් පදක්‌කම් 7, රිදී පදක්‌කම් 4 ක්‌ සහ ලෝකඩ පදක්‌කම් 6 ක්‌ වශයෙන් මුලූ පදක්‌කම් 17 ක්‌ දිනා ගනිමින් රුසියානු පිල ශූරතාවට දිනා ගත් අතර රුසියාව 2001 වසරෙන් පසු අදාළ ශූරතාව දිනාගැනීම විශේෂත්වයකි. තරගාවලියේ ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි ඇමරිකා එක්‌සත් ජනපදය රන් 6 ක්‌, රිදී 14 ක්‌ සහ ලෝකඩ 5 ක්‌ ලෙස මුලූ පදක්‌කම් 25 ක්‌ දිනා දෙවැනි ස්‌ථානයට පත්වූහ.

තරගාවලියේ අවසන් දිනයේ අවසානය වන විට සත්කාරක රුසියාව, ජැමෙයිකාව සහ ඇමරිකා එක්‌සත් ජනපද කණ්‌ඩායම් රන් පදක්‌කම් 6 බැගින් කරට කර සිටි අතර 2013 වසරෙහි ශූරතාව දිනාගනු ලබන රට මීටර 4ං400 කාන්තා සහය දිවීමේ තරගයේ ජයග්‍රහණය මත තීරණය වීමට නියමිත විය.

ඒ අනුව සාර්ථක ඵල නෙළා ගත් රුසියානු කාන්තා සහය දිවීමේ කණ්‌ඩායම සිය ඉසව්ව මි. 3(20(19 කින් නිම කරමින් රන් පදක්‌කම දිනාගත් අතර මි. 3(20(41 කින් ඉසව්ව නිමා කළ ඇමරිකානු එක්‌සත් ජනපද කණ්‌ඩායමට දෙවැනි තැන හිමිවිය.

රටවල් 206 කගේ සහභාගිත්වයෙන් තරගකරුවන් 2000 කගේ සහභාගිත්වයෙන් පැවැති 14 වැනි ලෝක ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී ලෝක වාර්තා සම කිරීමක්‌ හෝ බිඳ හෙළීමක්‌ වර්තා නොවීම කැපී පෙනුණි.

තරගාවලියේ තෙවැනි ස්‌ථානයට පත් ජැමෙයිකාවේ උසේන් බෝල්ට්‌ තරගාවලියේ වැඩිම රන් පදක්‌කම් සංඛ්‍යාවක්‌ දිනූ ක්‍රීඩකයා බවට පත්වූ අතර ඔහු මීටර 100, මීටර 200 සහ මීටර 4ං100 ඉසව්වල පළමු ස්‌ථානවලට පත්වෙමින් ලෝකයේ වේගවත්ම පුද්ගලයා බවට යළිත් තේරී පත්විය. මේ අතර ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෙµ්‍රසර් ප්‍රයිස්‌ මීටර 100, 200 සහ 4ං100 යන ඉසව් නියෝජනය කරමින් කාන්තා අංශයේ වැඩිම රන් පදක්‌කම් සංඛ්‍යාවක්‌ දිනූ ක්‍රීඩිකාව බවට පත්වූවාය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.