වෙළෙඳසේවා අවු.15 න් පහළ අන්තර්
ඇකඩමි ක්‍රිකට්‌ තරගාවලිය අද සිට


අසේල විතාන

වෙළෙඳසේවා ක්‍රිකට්‌ ඇකඩමිය විසින් සංවිධානය කරුනු ලබන 11 වැනි වාර්ෂික අන්තර් ඇකඩමි වයස අවුරුදු 15 න් පහළ සීමිත පන්දුවාර 30 ක්‍රිකට්‌ තරගාවලිය අද (21 දා) සිට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක විවිධ කණිෂ්ඨ ක්‍රිකට්‌ ඇකඩමි අතුරින් ඉල්ලුම්පත් අනුව කණ්‌ඩායම් 22 ක්‌ තරගාවලියට සහභාගිවේ. සමස්‌ත තරගාවලිය තරග 77 කින් සමන්විත අතර අවසන් මහා තරගය ලබන සැප්තැම්බර් මස 1 වැනිදා කොළඹ තර්ස්‌ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලිය සඳහා එක්‌ව සිටින කණ්‌ඩායම් 22 කාණ්‌ඩ තුනක්‌ යටතේ තරගාවලියට සහභාගි වේ. එහිදී zඒZ කාණ්‌ඩයෙන් එම්.සී.ඒ. zබ්ලූZ, අසෝක ද සිල්වා, මොරටුව, බ්‍රෙන්ඩන් කුරුප්පු, නුගේගොඩ, එස්‌.එස්‌.සී. zබීZ, සහ සී.සී.සී. zබීZ තරග වදින අතර zබීZ කාණ්‌ඩයෙන් සනත් ජයසූරිය, එස්‌.එස්‌.කේ. ලන්කන්, පානදුර, බී.ආර්.සී zබීZ, සීසීසී zඒZ, එම්.සී.ඒ. zවයිට්‌Z තරග වදිනු ලබයි. zසීZ කාණ්‌ඩයෙන් එස්‌.එස්‌.සී. zඒZ, රාගම, ගම්පහ, ටොරින්ටන්, බී.ආර්.සී zඒZ, පැලවත්ත එස්‌.ඡේ.ඩබ්ලිව් සහ ආර්.එස්‌.ඒ. කුරුණෑගල තරග වදිනු ලබයි.

කණිෂ්ඨ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් අනාගතයේදී විනයෙන් සහ දක්‍ෂතාවෙන් පරිපුන් ක්‍රීඩකයන් බවට පත් කිරීමෙහිලා විශේෂ නීති රීති පද්ධතියක්‌ අනුව මෙම තරගාවලිය සංවිධානය කිරීමට වෙළෙඳ සේවා ක්‍රිකට්‌ සංගමයේ සභාපති ඇතුළු නිළධාරීන් බලාපොරොත්තු වෙති.

තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී වෙළෙඳ සේවා ක්‍රිකට්‌ සංගමයේ සභාපති ඈෂ්ලි රත්නායක මහතා අදහස්‌ දක්‌වමින්, zඅපි මේ ළමයින්ට විනයක්‌ ඇතිව තරගවලට සහභාගි වීමේ ක්‍රමවේදය මේ තරගාවලිය තුළින් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි තරගාවලිය අවසානයේදී හොඳම විනය ඇති කණ්‌ඩායමට සහ හොඳම නායකයාට විශේෂ සම්මාන ලබා දෙනවා. තරග අතරතුරදී පුහුණුකරුවන්ට එළියෙ ඉදගෙන කණ්‌ඩායම හසුරුවන්න මේ තරගාවලියේදී අවකාශ නැහැ.Z යනුවෙන් ඔහු පවසා සිටියේය.

මෙම තරගාවලියේ තරග නැරඹීම සඳහා ජාතික ක්‍රිකට්‌ තේරීම් කමිටුවටද ආරාධනා කර ඇති අතර එමගින් දක්‍ෂතා දක්‌වන ක්‍රීඩකයන්ට ඉදිරියට යැමට අවස්‌ථාවද නිර්මාණය වී ඇති බව ඈෂ්ලි රත්නායක මහතා පවසා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.