ශ්‍රී ලංකා විවෘත "මිස්‌ට හීමෑන්" ලලිත් වජිර



ශ්‍රී ලංකා කාය වර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ගාල්ල ලක්‌මිණී ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කළ ශ්‍රී ලංකා විවෘත මිස්‌ට හී මෑන්  අයෝම්‍ය පුරුෂයා තරගය ගාල්ල එල්. ඕ. එල්. සී. ශ්‍රවනාගාරයේදී 17 වැනිදා පැවැත්විණි.

එහිදී කඩුවෙල චන්ද්‍ර බාබෙල් ක්‍රීඩා සමාජයේ එච්. ඩී. ලලිත් වජිර මහතා මිස්‌ට හී මෑන් ලෙස ජයග්‍රහණය කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ටී. තදුන් උදය කුමාර දෙවැනි ස්‌ථානයද ලසන්ත ෙµdන්සේකා තෙවැනි ස්‌ථානයද දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකා කාය වර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ අතුරු පාලක කමිටුවේ සභාපති සහ ආසියාතික කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ විධායක නිලධාරි කේ. එච්. කපිල කුමාර මහතා විසින් ත්‍යාගය සහ සහතික පත්‍ර පිරිනැමීය.

මාතර - චන්ද්‍රදාස කොඩිතුවකකු
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.