බ්ලැක්‌බෙරි Q - 10 වෙළෙඳපොළට

අකිත පෙරේරා

නවතම blackberry Q 10 ස්‌මාට්‌ දුරකථනය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා කොළඹ ජයික්‌ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. එහිදී ඉන්දියානු වාණිජ හා ව්‍යාපාර අධ්‍යක්‍ෂ හකේෂ් ෂා මහතා සමගින් වගීෂ් තෝමස්‌ සමිෂ් පටා, රංජන් ටෝජිස්‌ යන මහත්වරු සමඟ නිරූපිකාව ඡායාරූපයේ දැක්‌වේ. - ඡායාරූපය - සුජාතා ජයරත්න

ජංගම දුරකථන අතර ප්‍රමුඛතමයකු වන බ්ලැක්‌බෙරි විසින් නවතම තාක්‍ෂණ ක්‍රමවේදයකට අනුව සකසන ලද යතුරු පුවරුවකින් සහ උසස්‌ තත්ත්වයේ 'ටච් ස්‌ක්‍රීන්' මුහුණතකින් සමන්විත නව බ්ලැක්‌බෙරි Q 10 මෙරටට හඳුන්වා දෙන ලදී.

බ්ලැක්‌බෙරි ස්‌මාට්‌ ජංගම දුරකථන යටතේ හඳුන්වා දෙන ලද නවතම මාදිලිය වන මෙම Q 10 දුරකථනය පැරැණි විශේෂාංග ද ඇතුළුව WERTY යතුරු පුවරුව ද සහිතය.

මෙම නවතම Q 10 ජංගම දුරකථනය පසුගිය 14 දා කොළඹදී මෙරටට හඳුන්වා දුන් අතර. එය විශිෂ්ට නිමාවකින් යුතු හැඩයක්‌ සහ ආකර්ෂණීය පෙනුමකින් ද සමන්විතය.

නව පරිගණක අත්දැකීම ද සමගින් මෙරටට හඳුන්වා දුන් තාක්‍ෂණයෙන් පිරිපුන් Q 10 ජංගම දුරකථනය ඔබගේ පෞද්ගලික සහ රාජකාරි කටයුතුවලට අදාළ දත්ත පහසුවෙන් වෙන් කොට පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීමටත් මෙන්ම අනෙකුත් වැදගත් දත්ත ආරක්‍ෂා කිරීමට සමත් ආරක්‍ෂක පද්ධතියකින් ද සමන්විත වේ.

Hub සහ Massagයටතේ ඔබගේ සියලු සංවාදයන් එක්‌ ස්‌ථානයකට ගොනු කර ගැනීමටත් ඔබගේ නැවුම් තොරතුරු මිතුරන් අතරේ බෙදාගැනීමේ පහසුව ද සලසා දී ඇත.

ඔබට ලැබෙන ඇමතුම් මෙන්ම වීඩියෝ චැට්‌ සහ දත්ත ඉතා ඉක්‌මනින් හුවමාරු කර ගැනීමේ හැකියාවෙන් ද මෙහි Remember යටතේ ඔබට තොරතුරු එක්‌රැස්‌ කිරීම, සංවිධානය කිරීම සහ තොරතුරු නිසි ස්‌ථානය වෙත යොමු කිරීම මනාව සිදු වේ.

මෙම නව දුරකථනය බ්ලැක්‌බෙරි සමාගමේ ඉන්දියානු වාණිජ හා ව්‍යාපාර අධ්‍යක්‍ෂ හතේස්‌ ෂා මහතා විසින් මෙරටට හඳුන්වා දෙන ලද අතර, මෙම නව දුරකථනය මගින් පරිගණක තාක්‍ෂණයේ නවතම අත්දැකීම් ඇතුළු විශේෂිත පහසුකම්වලින් යුක්‌ත බව කීය.

දුරකථනය උසස්‌ දෘඪාංග ක්‍රමයකින් ද සමන්විත අතර, ඊටම ගැලපෙන පරිදි දිගුකල් පවතින බැටරියකින් ද යුක්‌ත වේ.

www.blackberry.com/Q 10 යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම නව දුරකථනය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

ඡායාරූපය - සුජාතා ජයරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.