සෙලින්කෝ ලයිෆ් සේවකයන් 457
දෙනකුගේ දිගුකාලීන සේවය අගයයි

සෙලින්කෝ ලයිෆ් රක්‍ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධායක නිලධාරි, ආර්. රෙන්ගනාදන් මහතා (දකුණේ) දිගු කාලීන සේවා කාලය අගයමින් සේවකයෙකුට සමරු ඵලකයක්‌ පිළිගැන්වූ අයුරු.

සෑම වසර පහකටම වරක්‌ මෙරට ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් සිය කාර්ය මණ්‌ඩලයේ දිගුකාලීන සේවය ඇගයීම වෙනුවෙන් පවත්වන සම්මාන ප්‍රදානයේදී මෙවර සේවකයන් 457 දෙනෙකුගේ දිගුකාලීන ගෞරවනීය සේවයට ගරු බුහුමන් පුද කරන ලදී.

අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු මෙම සම්මාන ප්‍රදානය කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර එහිදී කාණ්‌ඩ හතක්‌ යටතේ ඇගයීමට ලක්‌ වූ සේවකයන් සඳහා ඇගයීමේ ඵලක සහ මුදල් ලබාදීමට සමාගම කටයුතු කළේය. සේවකයන් ඇගයීමට ලක්‌කිරීමේදී අවුරුදු 10 සිට අවුරුදු 23 ක්‌ දක්‌වා සේවා කාලය හෝ එයට වැඩි සේවා කාලය සැලකිල්ලට ගන්නා ලදී.

මෙහිදී, වැඩිපුරම සේවකයන් ගණනක්‌ ඇගයීමට ලක්‌ වූයේ අවුරුදු 20 සිට 22 දක්‌වා සේවා කාලය සම්පූර්ණ කළ කාණ්‌ඩයේ වන අතර සේවකයන් 107 දෙනෙකු එම කාණ්‌ඩයට ඇතුළත් විය.

අවුරුදු 15 සිට 17 ක්‌ දක්‌වා සේවා කාලය සම්පූර්ණ කළ කාණ්‌ඩය යටතේ සේවකයන් 88 දෙනෙකු ඇගයීමට ලක්‌විය. අවුරුදු 12 සිට 14 ක්‌ දක්‌වා සේවා කාලය සම්පූර්ණ කළ කාණ්‌ඩය යටතේ ඇගයීමට ලක්‌ වූ සේවකයන් පිරිස 79 කි.

මෙම සම්මාන ප්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් පස්‌ දෙනෙකු ද දිගු කාලීන සේවය වෙනුවෙන් බුහුමනට ලක්‌ විය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.