විරෝධතාකරුවන්ට වෙඩි තැබූ මුස්‌ලිම් බ්‍රදර්හුඩ් නායක මොහමඩ් බැඩී අත්අඩංගුවට ගනී

ඊජිප්තුව තුල විනාශකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට සැලසුම් කළ බව කියන අන්තවාදී මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ ප්‍රධානී මොහමඩ් බැඩී හමුදා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බැඩීව මුදාහරින ලෙස මුස්‌ලිම් බුදර්හුඩ් සංවිධානය කළ ඉල්ලීම ඊජිප්තු හමුදා පාලනය ප්‍රතික්‍ෂේප කර තිබේ.

පසුගිය ජුලි මාසයේදී හිටපු ජනාධිපති මුර්සිට එරෙහිව විරෝධතා දැක්‌ වූ පිරිස්‌ ඝාතනය කිරීම ගැන බැඩීට චෝදනා එල්ල වී ඇත.

මේ අන්තවාදී මුස්‌ලිම් නායකයාව දින 30 ක්‌ දක්‌වා අත්අඩංගුවේ තබන ලෙස රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා නියෝග කර තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.