නීති විරෝධීව ගෙන්වූ 'වේ ප්‍රෝටීන' රේගු දැලේ

අනුර බාලසූරිය සහ ප්‍රභාත් විතාන

නීති විරෝධීව මෙරටට ආනයනය කරනු ලැබූ වේ ප්‍රෝටීන තොගයක්‌ රේගු ආදායම් අධීක්‍ෂණ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට අයත් මගී ගමන් බඩු ලෙස මෙම වේ ප්‍රෝටීන තොගය මෙරටට ගෙනැවිත් තිබේ.

රුපියල් මිලියන 1.5 ක්‌ පමණ වටිනා මෙම වේ ප්‍රෝටීන ඇමරිකාවේ නිෂ්පාදිත ඒවා බවත් ඒවා දියර හා පවුඩර් වශයෙන් බෝතල්වල හා පැකට්‌වල අසුරා ගෙනැවිත් තිබූ බවත් රේගුව සඳහන් කරයි.

වේ ප්‍රෝටීනවල බැක්‌ටීරියාවක්‌ අඩංගු බවට මේ දිනවල රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඒවා රේගුවෙන් නිදහස්‌ කර ගැනීමේදී විශේෂ පරීක්‍ෂණයකට භාජන කළයුතු බැවින් ඉන් බේරීමට මෙලෙස මෙම වේ ප්‍රෝටීන ගෙන්වන්නට ඇතැයි රේගුව සැක කරයි.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විඡේවීර මහතාගේ උපදෙස්‌ පරිදි රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන සිරිපාල එදිරිමාන්න, ඡේ. ඒ. චන්ද්‍රරත්න, රේගු අධිකාරීන් වන පරාක්‍රම බස්‌නායක, වසන්ත රන්දෙණිය, එස්‌. කේ. කේ. ඩික්‌සන්, ජී. බී. ඥානරාඡ් ඡේ. එස්‌. ජයකොඩි නියෝජ්‍ය රේගු අධිකාරීන් වන සූරිය බණ්‌ඩාර, අඹගහවත්ත, තිස්‌ස දහනායක, චන්දිමාල්, විපුල ප්‍රනාන්දු, මැක්‌නි ප්‍රනාන්දු, සුරේෂ් ජයලත් යන මහත්වරු හා චාන්දනී සෙනෙවිරත්න මහත්මිය විසින් මේවා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.