ඩීසීඩී ගැන සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රතිපත්තියක්‌ නෑ
- ෆොන්ටේරා සමාගම

අජිත් අලහකෝන්, ප්‍රභාත් විතාන

ආනයනික කිරිපිටිවල ඩී.සී.ඩී. ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීහු දෙබිඩි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන බව ෆොන්ටේරා ශ්‍රී ලංකා සමාගම ආනයනික කිරිපිටිවල ඩී. සී. ඩී. නැතැයි විටෙක පවසන බලධාරීහු තවත් විටෙක ඩී. සී. ඩී. ඇතැයි පවසන බවද මේ නිසා වෙළෙඳපොළ ව්‍යාකූල තත්ත්වයක්‌ හට ගන්නා බවද එම සමාගමේ මානව සම්පත් හා ආයතනික පොදු කටයුතු අධ්‍යක්‍ෂ රොෂාන් කුලසූරිය මහතා ප්‍රකාශ කළේය.

ආනයනික කිරිපිටි සහ ඩී. සී. ඩී. රසායනිකය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශ නිකුත් කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ආහාර පාලන බලධාරියා විසින් වුවත් ආණ්‌ඩුවේ විවිධ පාර්ශ්වයන් දැන් ඊට මැදිහත්වී උද්ඝෝෂණ පවා සිදු කිරීම නිසා ෆොන්ටේරා ශ්‍රී ලංකා සමාගම වසා දැමීමට සිදුවූ බවද හෙතෙම කීවේය.

මේ සඳහා ජනාධිපතිවරයා හෝ ආණ්‌ඩුවේ ඉහළ මට්‌ටමේ කෙනකු මැදිහත් වී විසඳුමක්‌ ලබා නොදුනහොත් ෆොන්ටේරා ශ්‍රී ලංකා සමාගමේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවදානමකට ලක්‌වන බවද කී හෙතෙම ආණ්‌ඩුවේ ආශිර්වාද මැද ෆොන්ටේරා සමාගමට එරෙහිව පවත්වන උද්ඝෝෂණ නිසා සමාගමේ දේපළ මෙන්ම කාර්ය මණ්‌ඩලයේද ආරක්‍ෂාව අනතුරේ බව කීය.

එම නිසා සමාගම වසා දැමීම හැර වෙනත් විකල්පයක්‌ නවසීලන්ත නියෝජිතයන්ට නොතිබූ බව ද හෙතෙම කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.