ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමැති මෛත්‍රීට සම්මානයක්‌

අජිත් අලහකෝන්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමනු ලබන ජගත් විශිෂ්ටතා සම්මානය සැප්තැම්බර් 03 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පිරිනමනු ලබයි.

දුම්වැටි සහ මධ්‍යසාරවලට එරෙහිව ගෝලීය වශයෙන් වැදගත් වැඩසටහන් ක්‍රියාත්මක කරන නායකයන් තෝරා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම "ජගත් විශිෂ්ටතා සම්මානය" පිරිනමනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවර එම සම්මානය සඳහා තෝරාගෙන තිබෙන්නේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

දුම්වැටි දවටනවල සියයට 80 ක්‌ ආවරණය වන පරිදි මුඛ පිළිකා රූප සටහන් ප්‍රදර්ශනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය මෙවර ගෝලීය වශයෙන් ජගත් විශිෂ්ටතා සම්මානය පිරිනැමීම සඳහා හේතුවී ඇත. ඇමැතිවරයා ගත් මෙම තීරණය මුළු ලෝකයටම ආදර්ශයක්‌ බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය අදාළ සම්මානය සඳහා ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නම්කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.