ලේබල් රහිත කිරිපිටි විකිණූ තේ වත්තේ ගබඩා පාලකට දඩ

කිරිපිටි කිලෝ 100 විනාශ කරයි


මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර - ඉලංගන්තිලක

ආහාර ලේබල් කිරීමේ නීතිය උල්ලංඝනය කරමින් අනන්‍යතා තහවුරු කළ නොහැකි, ලේබල් නොමැතිව ඇසුරුම් කරන ලද කිරිපිටි තොගයක්‌ භගවන්තලාව "චැම්පියන්" තේ වත්තේa වතු කම්කරුවන්ට අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් 7500 ක දඩ මුදලක්‌ ගෙවන ලෙස හැටන් දිසා අධිකරණයේ දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් අමිල ආරියසේන මහතා විසින් නියෝග කරන ලදී.

මෙසේ වරදකරු වූයේ, බගවන්තලාව "චැම්පිsයන්" තේ වත්තේ ගබඩා පාලකවරයාය.

කිලෝ 100 කට ආසන්න මෙම කිරිපිටි තොගය බගවන්තලාව චැම්පියන් තේ වත්තේ වතු කම්කරුවන්ට අලෙවි කරන බවට ලද තොරතුරක්‌ මත බගවන්තලාව හා හොන්සි ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් කිරිපිටි තොගය සහ චූදිත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලදී. රුපියල් ලක්‍ෂයකට ආසන්න වටිනාකමකින් යුත් මෙම කිරිපිටි තොගය විනාශ කරන ලෙස දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් අමිල ආරියසේන මහතා මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට නියෝග කළේය.

බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී. කේ. එල්. වසන්ත හා හොන්සි මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩී. වර්ධරාජා යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.