'ඇඩ්රිනලින්' එන්නත් හිඟයෙන්
හදවත් රෝගීහු අසීරුවේ

ඒමන්ති මාරඹේ

බයිපාස්‌ ඇතුළු ප්‍රධාන පෙළේ හදවත් සැත්කම් සිදුකිරීමේදී භාවිත කරනු ලබන අත්‍යවශ්‍ය ජීවිතාරක්‍ෂක එන්නතක්‌ වන "ඇඩ්රිනලින්" එන්නත මෙම දිනවල රජයේ රෝහල්වල හිඟව පැවතීම හේතුවෙන් හදවත් රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

කොළඹ ජාතික, කරාපිටිය ශික්‍ෂණ හා මහනුවර යන හදවත් සැත්කම් සිදුකරනු ලබන රජයේ රෝහල් තුනෙහි මෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ ද මෙම එන්නත හිඟව පවතින බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

හදවත් සැත්කමක්‌ සිදුකිරීමේදී සැත්කමට ලක්‌කරනු ලබන රෝගියාගේ රුධිර පීඩනය වැඩි කරලීම සඳහා "ඇඩ්රිතලින්" එන්නත ලබාදෙයි. මෙම එන්නත මෙම දිනවල හිඟව පැවතීම නිසා රෝගීන්ගේ ඥතීන්ට එය තම පෞද්ගලික වියදමින් පිටතින් මිල දී ගෙන ඒමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.