කිරිපිටි සමාගමක ලොක්‌කෝ
ඇමැතිගෙන් සමාව ඉල්ලති


ඒමන්ති මාරඹේ

ඩී.සී.ඩී රසායනිකය අඩංගු බවට තහවුරු වූ කිරිපිටි මෙරටට ආනයනය කළ එක්‌තරා සමාගමක නිලධාරීන් පිරිසක්‌ පසුගියදා තාක්‍ෂණ හා පර්යේෂණ කටයුතු පිළිබඳ ඇමැති චම්පික රණවක මහතා මුණගැසී කිරිපිටි අර්බුදය සම්බන්ධව සමාව ඉල්ලා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කෙසේ වුවද මෙම සමාගම් නිලධාරීන් පිරිස මෙරට ආහාර පිළිබඳ නිසි බලධරයා අයත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් හා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කිරිපිටි අර්බුදය පිළිබඳව සමාව අයෑද නොසිටීම අඩුපාඩුවකැයි එම සංගමය කියයි. මෙම ඩී.සී.ඩී රසායනිකය අඩංගු කිරිපිටි මෙරටට ආනයනය කිරීමට අනුබල දුන් එක්‌තරා සෞඛ්‍ය බලධාරියකු විසින් එසේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සමාව ඉල්ලීමට වන්දි මුදල් ලබාදීමට හෝ කිසිදු දඬුවමක්‌ ඉල්ලීමට අවශ්‍ය නැති බවට එම කිරිපිටි සමාගමට දන්වා සිටීම නිසා එසේ අමාත්‍යාංශයෙන් සිද්ධිය පිළිබඳව සමාව අයෑදීමක්‌ සිදු නොවූ බව දැනගන්නට ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.

චීනයේ සිටි ඉහත කී කිරිපිටි සමාගමේ ප්‍රධානියා ඩී සී ඩී රසායනිකය අන්තර්ගත කිරිපිටි එරටට ගෙන්වීම සම්බන්ධව සිරභාරයට පත්කිරීමට චීන රජය පියවර ගත් බවත්, මෙරට බලධාරීන් ද මෙහිදී ජනතාවට වස විස කවන සමාගම්වලට එරෙහිව දැඩිව සිටිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.