තහනම් විදෙස්‌ කිරිපිටි තවමත් වෙළෙඳපොළේ

අර්වින් රෝයි සිල්වා - වැල්ලව

රජයෙන් තහනම් කළ විදේශීය කිරිපිටි තාමත් ප්‍රසිද්ධ වෙළෙඳපළේ. සෞඛ්‍ය බලධාරීන් නිහඬව සිටීම පිළිබඳව මහජන විරෝධය

පසුගියදා පර්යේෂණයකින් විස රසායනික ද්‍රව්‍යයක්‌ අඩංගු යෑයි ප්‍රකාශයට පත් කර වෙළෙඳපළෙන් ඉවත් කිරීමට නියෝග කළ විදේශීය කිරිපිටි පැකට්‌ තවමත් වැල්ලව හා අවට ග්‍රාමීය වෙළෙඳසල්වල ප්‍රසිද්ධියේ අලෙවි කරනු ලබයි. එසේම කුරුණෑගල නගරයේ පොදු වෙළෙඳපළේ ඉදිරිපිට ද එම කිරිපිටි පිළිබඳ යෝධ ප්‍රචාරක කටයුතු නතර කර නැත. එම කිරිපිටි තොග වෙළෙඳපළින් ඉවත් කරනවා වෙනුවට මෙරට සිටින ඒජන්තවරුන් විසින් එම කිරිපිටි සමාගම්වල ඉතිහාසයත්, රසායන විද්‍යා පාඩමත් සහිත ලිපියක්‌ පාරිභෝගිකයන්ට නිකුත් කර ඇත.

උසාවියේ නියෝග ද තුට්‌ටුවකට මායිම් නොකරන මෙම ධන කුවේරයින්ගේ සමාගම් තම වෙළෙඳාම ප්‍රසිද්ධියේ කරගෙන යන අතරතුර සෞඛ්‍ය බලධාරීන් නිහඬව සිටීම ගැන මහජනතාව දැඩි විරෝධය පාති. දේශීය නිෂ්පාදකයකුගේ යෝගට්‌ බදුනක්‌, චොකලට්‌ පෙත්තක යම් අඩුපාඩුවක්‌ දුටුවහොත් වීරයන්සේ පැන අල්ලා උසාවියට ඉදිරිපත් කර දහස්‌ ගණන් දඩ ගස්‌සන අතර ධනකුවේර විදේශීය සමාගම් ඉදිරියේ නිසොල්මන්ව සිටීම ගැන දැඩි අප්‍රසාදය පළ කර සිටිති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.