2013 සැප්තැම්බර් 06 සිකුරාදා

 

 

    Subscription Rates
    ADVERTISING
    RATES
   Divaina Editor
 
    Webmaster

දයාසිරිගේ කෝටිපති ආධාරකරු පැහැර ගනිති

වයඹ පළාත් සභා කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධාන ආධාරකරුවකු බව කියන කෝටිපති ව්‍යාපාරික සරත් රත්නායක මහතා නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදී අනුරාධපුර ප්‍රදේශයේ මහමග දමා ගොස්‌ සිටියදී පොලිසිය මගින් ඊයේ (05 වැනිදා) දහවල් සොයාගෙන ඇත.


විදුහල්පති මාරුවට එරෙහිව
මවුපියෝ සීනිගම පාරට බසිති


හික්‌කඩුව සීනිගම විමලබුද්ධි විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කිරීමට විරෝධය දක්‌වමින් එම පාසලේ දරුවන්ගේ දෙමව්පියෝ සීනිගම දේවාලය ඉදිරිපිට ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවක නියෑළුණහ.

වළ ඇතුළේ ශාන්තිකර්මය
වැරදී යකැදුරා මරු තුරුලේ


භූමි දොaෂ ඉවත් කරන බව පවසමින් වළවල් කපා එයට බැස, ලෑලි ආවරණ යොදා ඒ මත පස්‌ පුරවා ශාන්තිකර්ම කරන අයකු 74 වැනි වතාවටත් එවැනි ශාන්තිකර්මයක්‌ පිළියන්දල පැලැන්වත්තේ ගුරුවරයකුගේ නිවසක කරමින් සිටියදී ඊයේ (05 වැනිදා) අලුයම මියගොස්‌ තිබේ.

එකම පවුලේ දරුවන් හතර දෙනකු සසුනට දන්දුන් වෙස්‌සන්තර අම්මා


මැංගිනෝනා මාතාව හයවැනි දුවගෙ පුතාත්, පස්‌වැනි පුතාගෙ ලොකු පුතාත්, ලොකු දුවගෙ පුතාගෙ පුතාත් පැවිදි කරවා හමාරය.

සෞඛ්‍ය ඇමැතිගේ මවගේ දේහයට ජනපතිගෙන් බුහුමන්


ඊයේ (5 දා) දහවල් එහි පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම දේහයට අවසන් ගෞරව දැක්‌වූ අයුරු.

'හංසරාණි' ලන්ත්‍රා ගී මාත්‍රා ප්‍රසංගයදා...

හරුන් ලන්ත්‍රාගේ 81 වැනි උපන් දිනය යෙදී තිබූ පසුගිය සඳුදා (02) පැවැත් වූ හංසරාණි උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව යන්ය.


ඇමරිකානු අධිකරණ යෙන් සෝනියා ගාන්ධිට සිතාසි

විසිනව වසරකට පෙර ඉන්දියාවේ සිදුවූ ෂීක්‌ විරෝධී කැරැලි මෙහෙයවූ කොංග්‍රස්‌ පාක්‌ෂිකයන්ට රැකවරණ දීමේ චෝදනාව මත ඇමරිකානු අධිකරණය කොංග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධිටද සිතාසියක්‌ නිකුත් කර ඇත.


ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් රජය ප්‍රතික්‌ෂේප කරයි

ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය දෙකඩ කිරීම උදෙසා නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ පොලිස්‌ බලතල ලබාදීම ඇතුළු ද්‍රවිඩ සන්ධානය ඉදිරිපත් කළ ඉල්ලීම් රජය ප්‍රතික්‌ෂේප කර ඇත.

පාසල් දිවා ආහාර වැඩසටහනට ළඟදීම තිත වැටේ

මාස තුනක පමණ කාලයක්‌ සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම නිසා දිළිඳු පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන සම්පූර්ණයෙන්ම නතර වන තත්ත්වයක්‌ උද්ගත වී තිබේ.

කිරි නිෂ්පාදනවලින් උපයන බදු මවුකිරි
ප්‍රවර්ධනයට යොදා ගන්න

- වෛද්‍ය සංගමය ඉල්ලයි

කිsරිපිටි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් රජය උපයා ගනු ලබන බදු ආදායමින් වැඩි ප්‍රතිශතයක්‌ ළදරුවන්ට මවු කිරි ලබාදීම ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේa සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

ජුනි මස අපනයන ආදායම 6.8% කින් ඉහළට

මේ අනුව ගිය වසරේ (2012) ජුනි මස ඇමරිකානු ඩොලර් මිලියන 755.8 ක්‌ වූ අපනයන ආදායම මේ වසරේ (2013) ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 807.4 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි.

නීලා වික්‍රමසිංහ... බෝනික්‌කෝ සමග නෙළුම් පොකුණට

වසර ගණනාවක්‌ පුරා දරුවන් වෙනුවෙන් ගුරු වරියක ලෙස කාලය කැප කළ ඕ... ළමා ළපටීන් උදෙසා සජීව සංගීත ප්‍රසංගයක්‌ ඉදිරිපත් කරන්නීය.


බයිලාවෙන් රට නැළවූ අමරණීය වොලී බැස්‌ටියන්

ගායනය මෙන්ම බයිලා ගීත පද රචනය සහ සංගීත තනු නිර්මාණයද, ඔහුගේම වීම සුවිශේෂි ලක්‍ෂණයකි. එමෙන්ම සංගීත භාණ්‌ඩ වාදනයද ඔහු විසින්ම සිදු කරමින් ගයනුයේ සමස්‌ත මහජනතාවගේ ස්‌වකීය ජීවන ප්‍රතිපදාවේ රටාවන්, චර්යා වන් සහ සමාජයේ එදිනෙදා මුහුණ දෙන සමාජ සංසිද්ධීන් පාදක කර ගනිමින් නිර්මා ණය කරන බයිලා ගීතයන්ය.


  • රාවණා චරිතය වර්තමානයට
    ගැලපීමට මා උත්සාහ ගත්තා

    - අධ්‍යක්‍ෂ ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සු

    මගේ මව තමයි මුලින් 'රාමායණය' කියවලා ඒ අනුසාරයෙන් චිත්‍රපටයක්‌ කරන්න කියන තැනට මා පෙළඹුවේ. ඒක බොහෝම බාරදූර කර්තවයක්‌ වුණත්, රාමායණයේ චරිත අර්ථපූර්ණ ලෙසින් ප්‍රතිනිරූපණය කරන්නට මා ඇතුළු කණ්‌ඩායම වෙර විරිය යෙදුවා.

  • නිධානය රකින මෙහෙයුම ඇරැඹුණේ මෙහෙමයි
    - ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය දිවයින ට හෙළි කරයි

    1972 වසරේ ඉඳලා ඔවුන් මේ සඳහා උත්සාහ කළා. ලෝකයේ කිසිම තැනක නිධානය පිටපතක්‌ තිබුණේ නෑ. ඒත් ඉන්දියන් සිනමා ආයතනයේ පිටපතක්‌ තිබෙන බව දැනගත්තා. මම ජාත්‍යන්තර චිත්‍රපටවලට සම්බන්ධ ආයතනයකට සම්බන්ධව සිටින නිසා වැනිසිය මගෙන් ඉල්ලීමක්‌ කළා "නිධානය" සංරක්‌ෂණය කිරීමේ කාර්යය සම්බන්ධීකරණය කරදෙන්න කියලා.

  • නාට්‍ය අධ්‍යාපනය රටට වැදගත් වන්නේ ඇයි?

    ළමා හා තරුණ ප්‍රජාවගේ ස්‌වභාවික හැකියා වර්ධනය කිරීම, හා සමාජ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම උදෙසා නාට්‍ය අධ්‍යාපනය ඉවහල් වන බව අධ්‍යාපන විශේෂඥයන්ගේ ද මතයයි.

  • ශ්‍රී ලංකා පාපන්දු ක්‍ෂේත්‍රයේ
    ගෞරවය රැක ගැනීමේ අන්තිම සටන

    භූටාන තරගය ශ්‍රී ලංකාවට එක්‌ අතෙකින් බෙහෙවින් වැදගත් වේ. ශ්‍රී ලංකාව මාලදිවයින සමග තරගයේදී අන්ත පරාජයට (10-0) පත්වූ අතර ඇµaගනිස්‌තානය සමග තරගය (3-1) සටනක්‌ දී පරාජය විය. මේ අනුව තරගාවලියේදී කිසිදු ජයග්‍රහණ වාර්තා කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාවට සිය ගෞරවය රැක ගැනීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වේ.


 

Kapruka Shopping |  News


liya



 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.