කිරි නිෂ්පාදනවලින් උපයන බදු මවුකිරි ප්‍රවර්ධනයට යොදා ගන්න
- වෛද්‍ය සංගමය ඉල්ලයි

ඒමන්ති මාරඹේ

කිsරිපිටි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් රජය උපයා ගනු ලබන බදු ආදායමින් වැඩි ප්‍රතිශතයක්‌ ළදරුවන්ට මවු කිරි ලබාදීම ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේa සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

දැනට මෙරට සියයට 75 ක්‌ ව පවතින ළදරුවන්ට මවුකිරි ලබාදීමේ ප්‍රතිශතය සියයට 100 ක්‌ දක්‌වා වර්ධනය කිරීමේ කාලීන අවශ්‍යතාවක්‌ පැන නැඟ තිබීම නිසා මෙම පියවර ගත යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය වී තිබේ.

ළදරු කිරිපිටි ඇතුළු කිරි නිෂ්පාදනයන්හි ප්‍රචාරණ කටයුතුවලින් ජනතාවට වැරැදි සෞඛ්‍ය පණිවිඩයක්‌ ගලායැමක්‌ සිදු වන නිසා එම තත්ත්වය නිවැරැදි කිරීම සඳහා එම නිෂ්පාදනයන් පිළිබඳ රජයේ දැන්වීමක්‌ද නිෂ්පාදන අසුරනයන්හි සඳහන් කිරීමට පියවර ගන්නා ලෙස ද සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.