ශ්‍රී ලංකාවේ 65% කට දියවැඩියා අවදානමක්‌

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 64% ක්‌ පමණ දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානමක්‌ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

මෙරට ග්‍රාමීය ජනතාවගේ සියයට 10 ක්‌ද, නාගරික ජනතාවගෙන් සියයට 15 ක්‌ පමණද මේ වනවිට දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙති.

පාසල් සිසුන්ගෙන් සියයට 15 ක්‌ පමණද දියවැඩියාවට ලක්‌වී සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

කෘත්‍රිම ආහාර සහ රසකාරක බහුලව ආහාරයට ගැනීමත් ආහාර ගැනීමේදී දක්‌වන නොසැලකිල්ල දියවැඩියාව රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක්‌ යෑයිද එම ප්‍රකාශකයා කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.