ඉන්දීය අල්වීටා සමාගමෙන් ඖෂධ ගැනීම අත්හිටුවයි

චමින්ද සිල්වා

බාල ඖෂධ ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කළ ඉන්දියානු සමාගමක්‌ වන 'අල්වීටා µdර්මා සමාගමෙන්' ඖෂධ මිලදී ගැනීම අත්හිටුවීමට වෛද්‍ය තාක්‌ෂණ හා සැපයුම් අංශය තීරණය කර ඇත.

ඒ අනුව ඉහත සමාගමේ මෙරට නියෝජිතයා වෙත අදාළ සමාගම විසින් නිපදවන මෙතෙක්‌ මෙරටට මිලදී ගත් සියලුම ඖෂධ මිලදී ගැනීම අත්හිටුවීමට පියවර ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලිපියක්‌ මගින් දැනුම්දී ඇත.

ඉහත සමාගම විසින් පසුගිය වසරේදී සයික්‌ලොස්‌පෝරීන් නමැති ඖෂධය, මෙම වසරේ ප්‍රොමෙතසින් හයිෙඩ්‍රාක්‌ලොරයිඩ් නමැති ඖෂධයේ ආර්. ඊ. 3036 හා ආර්. ඊ. 307 යන කාණ්‌ඩ තත්ත්වයෙන් අසමත් බව තහවුරු වී තිබූ බව වෛද්‍ය තාක්‌ෂණ හා සැපයුම් අංශයේ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා ඊයේ (08 වැනිදා) පැවසීය.

නැවත එම සමාගමෙන් ඖෂධ මිලදී ගන්නේ නම් මෙරට විශේෂඥ කණ්‌ඩායමක්‌ ඉන්දියාවේ කර්මාන්තශාලාවට යවා විද්‍යාත්මක පරීක්‍ෂණයකින් පසු ඖෂධ මිලදී ගන්නේ ද නැතිද යන්න තීරණය කරන බව ද දන්වා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.