අපද්‍රව්‍ය සහිත එන්නත් කුප්පියක්‌

ශිරාන් රණසිංහ

මැදිරිගිරිය රෝහලේ රෝගීන් සඳහා භාවිත කළ ක්‌ලොක්‌සාසිලින් (Cloxacillin) එන්නත් කුප්පියක කළු පැහැති සතෙකුගේ වැනි අපද්‍රව්‍යයක්‌ තිබී හමුවී තිබේ.

වෛද්‍ය කාර්ය මණ්‌ඩලය විසින් මෙම අපද්‍රව්‍ය පිළිබඳව රෝහල් වෛද්‍ය අධිකාරිවරයාට පැමිණිලි කර ඇත.

රෝහලේ වාට්‌ටු අංක 06 කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට ද මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

ඉන්දියානු සමාගමක්‌ මගින් නිෂ්පාදනය කරනු ලබන ක්‌ලොක්‌සසිලින් (Cloxacillin) මිලිග්‍රෑම් 250 කුප්පියක මෙම අපද්‍රව්‍ය තිබී ඇති අතර 2012.09.30 නිෂ්පාදිත දිනය ලෙස ද 2014.08.31 කල් ඉකුත් වන දිනය ලෙසද එහි සඳහන් කර තිබේ.

කාණ්‌ඩ අංක CC2004 යටතේ ඇති මෙම එන්නත් කුප්පිය පිළිබඳ වගකිවයුතු අංශ කිසිදු විධිමත් පරීක්‍ෂණයක්‌ කර නැතැයි ද වහාම අදාළ සමාගමට එරෙහිව පියවර ගෙන මෙම කාණ්‌ඩය යටතේ ඇති ඖෂධ තහනම් කරන ලෙස ද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.