අපද්‍රව්‍ය තිබූ කාණ්‌ඩයේ සියලු එන්නත් කුප්පි ඉවතට

"ක්‌ලොක්‌සසිලින්" නමැති ප්‍රතිජීවක එන්නත් දියර කුප්පිය අයත් කාණ්‌ඩයේ සියලු එන්නත් කුප්පි රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයීම් අංශය විසින් පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගියදා මැදිරිගිරිය රෝහලෙන් හමුවූ අදාළ අපද්‍රව්‍ය සහිත එන්නත් කුප්පිය පිළිබඳව වෛද්‍ය සැපයීම් අංශයට ලැබුණු තොරතුරු අනුව ජාතික ඖෂධ තත්ත්ව පාලන ඒකකයේ රසායනාගාරය විසින් ඒ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන ලදී. එම පරීක්‍ෂණයේ වාර්තාවට අනුව අදාළ කාණ්‌ඩයේ එම එන්නත් කුප්පි තොගය භාවිතයෙන් ඉවත් කළ බවත් තවමත් එම එන්නත් කුප්පි රජයේ රෝහල්වල භාවිත වන්නේ නම් ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙස රෝහල්වලට දැනුම්දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.