පානීය ජල බෝතල් ආයතන ගැන
සති දෙකකදී වාර්තාවක්‌ ඉල්ලයි


ඒමන්ති මාරඹේ

දිවයින පුරා පිහිටි පානීය ජල බෝතල් කරනු ලබන ආයතනයන් සියල්ල පරීක්‍ෂා කර බලා සති දෙකක්‌ ඇතුළත එම පර්යේෂණ වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙරේදා (12 දා) සියලු පළාත් සෞඛ්‍ය ප්‍රධානීන් වෙත උපදෙස්‌ දී තිබේ.

ඇතැම් පුද්ගලයන් මහජන සෞඛ්‍යයට නුසුදුසු අයුරින් පානීය ජල බෝතල් සකස්‌ කර අලෙවි කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබීම නිසා මෙම පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. විශේෂයෙන්ම පිටකොටුවේ බස්‌ රථවල ගමන් ගන්නා මගීන් ඉලක්‌ක කර ගනිමින් සිදු කෙරෙන මෙම පානීය බෝතල් ජාවාරම යටතේ ඇතැමුන් ජල බෝතල් සකස්‌ කරන ඇතැම් කීර්තිමත් ආයතනයන් අනුකරණය කරමින් ව්‍යාජ ලෙස සැකසූ පානීය ජල බෝතල් අලෙවි කරන බව තහවුරු වී ඇතැයිද අමාත්‍යාංශය කියයි.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති සියලු පානීය ජලය බෝතල් කරනු ලබන ආයතනවල එම කටයුතු සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.