සෙංගමාලය බිබිලේ බොන වතුරද අපලේ

සෙංගමාල රෝගය බිබිල ආක්‍රමණය කරමින් තිබේ. නොදැනුවත්කමක්‌ මේ ජනතාවගේ අනාරක්‍ෂිත සෞඛ්‍ය පුරුදුත් නිසා රෝගය ආක්‍රමණික ස්‌වරූපයෙන් පැතිර යැෙa ඉඩකඩ වැඩිය. නමුදු වාසනාවකට තවමත් එය පවතින්නේ උපන් ගෙයිමය. මොනරාගල, බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අප කළ සංචාරයේ මෙම සෙංගමාල රෝගය පැතිර යැමේ අවදානම දුටුවෙමු. අප එහි යන විටත් විශේෂයෙන් ඉහළ මල්ලැහැව සහ පහළ මල්ලැහැව ගම්වල සැලකියුතු පිරිසක්‌ රෝගයට ගොදුරු වී සිටියහ. එහිදී අප සමඟ කතා කළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරියෙක්‌ කියා සිටියේ සෙංගමාලය රෝගයට ගොදුරු වූ බවට මුල් අවස්‌ථාවේම හඳුනා ගත් සියයක තරම් පිරිසක්‌ සෞඛ්‍ය අංශ හඳුනාගත් බවය. ඒ අතරින් සැලකිය යුතු පිරිසක්‌ නිසි ප්‍රතිකාර ගැනීම නිසා දැන් සුවය ලබා තිබේ.

නමුත් රෝගය තවදුරටත් බෝවීම වළක්‌වා ගැනිමේදී සෞඛ්‍ය අංශවලට ගැටලුව වී ඇත්තේ රෝගී වු ඇතැම් ගැමියෝ මිථ්‍යා මතවල එල්බගෙන තවමත් ගොඩ වෙදකම් කිරීමට පෙළඹී සිටීමය. මේ නිසා රෝගය උත්සන්න වීමේ බරපතළ අවදානමක්‌ මතුව තිබේ.

මල්ලැහැව ගම්මානයේ මෙම රෝගය බෝවීමට ප්‍රධාන හේතු කාරණය වී ඇත්තේ එහි ජනතාව බීමට ගන්නා ජලය මගින් බව මේ වන විට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබේ.

මෙම ගම්මානයේ පවුල් 400 ක්‌ පමණ ජීවත්වන අතර, ජල අවශ්‍යතා සපුරා ගනුqයේ මල්ලැහැව ඔය ආශ්‍රයෙනි. මල්ලැහැව කන්දෙන් ගලා බසින මල්ලැහැව ඔය සම්බන්ධ කර ගනිමින් මෙම ගමේ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජල ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වේ.

මෙම පානීය ජල ව්‍යාපෘතිය ආරම්භවීමත් සමඟම ප්‍රදේශයේ ජනතාව තුළ ජල පහසුකම් ලබා ගැනීමට වැඩි කැමැත්තක්‌ දක්‌වා එතෙක්‌ පාවිච්චි කළ පොදුÊළිං සහ පෞද්ගලික ළිං ඇතැම් පිරිස්‌ විසින් වසා දැමීමට කටයුතු කර ඇත.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම භාවිත කරමින් පානීය ජලය ලබා නොදීම නිසා බරපතළ සෞඛ්‍ය ගැටලු මතුවීමට හේතු පාදක වී ඇත. සෙංගමහාල රෝගය ඇති වීම ද එවැනි එක්‌ දුර්විපාකයක්‌ පමණි.

මේ වන විට සෙංගමාල රෝගය වැළඳුන රෝගීන් 100 ක්‌ පමණ වාර්තා වී තිබෙන අතර රෝගය මුල් අවස්‌ථාවේදී හඳුනාගෙන සුවය ලැබූ පිරිස්‌ ද සිටී. ඇතැම් ගැමියන් රෝගය සඟවා ගෙන සිටිමින් රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යොමු නොවීමත් රෝගය ශීඝ්‍ර්‍රයෙන් පැතිර යැමට හේතු වී ඇති බව සෞඛ්‍ය අංශවල මතයයි.

රෝගය වැළඳුන ඇතැම් රෝගීන් මිථ්‍යා විශ්වාසවල එල්බ ගෙන සිටීමත් ගොඩ වෙදකමට යොමුවීමත් නිසා සුව අතට පත්නොවීම නිසා රෝගය උත්සන්න වීමෙන් පසු රෝහල් ගත වීම රෝගය බරපතළ වීමට හේතු වී ඇත.

බිබිලට සෙංගමාලය බෝ කිරීමේ ප්‍රධාන වාහකයා වී ඇත්තේ බීමට ගන්නා ජලයයි. අපිරිසිදු ජල මූලාශ්‍රවලින් පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම රෝගය බෝවීමේ වේගය වැඩි කර තිබේ.

මේ රෝගය බෝකරන වෛරසය හෙපටයිටිස්‌ ඒ වශයෙන් හඳුන්වන අතර හෙපටයිටිස්‌ බී වශයෙන් ද වෛරසයක්‌ වේ. හෙපටයිටිස්‌ බී මගින් ඇති වන වෛරසයට වඩා හෙපටයිටිස්‌ ඒ වර්ගයේ ආසාදනය ශීඝ්‍ර්‍රයෙන් පැතිර යන බවට වෛද්‍ය මතයයි. මේ වෛරසයක්‌ නිසාවෙන් වැළඳෙන රෝගී තත්ත්වය නිසා විශේෂයෙන් ම අක්‌මාවට හානිදායක වනු ඇත.

රෝගියකුගේ අසූචි මිශ්‍ර වූ ජලය, ආහාර මගින් තව කෙනෙකුට මෙම රෝගය බෝවේ. එසේම රෝගියාගේ අසූචි තැවරුනු මැස්‌සන්, කෘමි සතුන්, ආහාර සහ උපකරණවල තැවරීමෙන්ද, මෙම විෂබීජය නිරෝගී අයකුගේ ආහාරවලට එකතුවීම තුළින් ද ශරීරගත වීමට ඉඩ ඇත.

රෝග කාරක වෛරසය රෝගියාගේ බඩවැලේ සිට මළ මුත්‍රා සමග පිටවී ජලය හා ආහාර සමඟ මුඛය මගින් නිරෝගී අයකුගේ ශරීරයට ඇතුළු වේ. මළ මුත්‍රා වලින් අපිරිසිදු වූ ජලය පානය කිsරීම හා එබඳු ආහාර අනුභව කිරීම රෝගය පහසුවෙන් වැළඳීමට හේතු වේ. සෙංගමාලය ඇති අයෙකු පරීක්‍ෂා කිරීමේදී ලේ ශරීරගත වීම නිසාද වෙනත් අයෙකුට රෝගය වැළඳීමට පුළුවන. විෂබීජය ශරීර ගත වී දින 28 - 30 අතර කාලයකදී රෝග ලක්‍ෂණ පහළ වේ.

උණ, ආහාර අරුචිය, මේදය අධික ආහාර අප්‍රියවීම, වමනය, හිසරදය, ශරීර අප්‍රාණිකත්වය, මුත්‍රා සහ ඇස්‌ කහපාට වීම මෙහි රෝග ලCක්‍ෂණ වේ.

වෛරසයක්‌ ආසාදනය වීමෙන් රෝගය වැළඳෙන නිසා විශේෂ ප්‍රතිකාරයක්‌ නොමැති නිසා ඇඳ විවේකය අත්‍යවශ්‍ය බව වෛද්‍ය මතයයි. මාංශජනක සහ පිෂ්ඨය සහිත ආහාර ගැනීම විශේෂයෙන් වැදගත් වේ. පලතුරු යුෂ, දොඩම්, දෙහි නෙල්ලි ආදිය වඩා සුදුසුය. කෙසේ වුවත් වෛද්‍ය උපදෙස්‌ නිසි ලෙස ක්‍රියාවට නැංවීම රෝගය පාලනයට පහසු වේ.

බීමට ගන්නා ජලය හා ආහාර පවිත්‍රව තබා ගැනීම, ජලය උතුරුවා නිවා පානය කිරීම, මළ මුත්‍රා ආරක්‍ෂිත ක්‍රමයට බැහැර කිරීම සහ පෞද්ගලික සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම නිසි ලෙස අනුගමනය කිරීම ඉතා වැදගත් ය.

මේ වන විටත් මල්ලැහැව ප්‍රදේශයෙන් සෙංගමාලය වැළඳී ඇති බවට හඳුනාගත් රෝගීන් දසදෙනකුගේ (10) රුධිර සාම්පල වැඩිදුර පරීක්‍ෂණ සඳහා බොරැල්ල ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින්a කටයුතු කර ඇති අතර, එහි පරීක්‍ෂණ වාර්තා ලැබුණු පසු රෝගී තත්ත්වය කුමන මට්‌ටමේ ද යන්න නිශ්චිතව තහවුරු කළ හැකි බවට සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ප්‍රදේශයේ මෙතෙක්‌ වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට අසූ පහක්‌ අනූවක්‌ අතර පිරිසකට මෙම රෝගය වැළඳී තිබෙන්නේ අපිරිසිදු පානීය ජලය නිසා බවට ද සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත. රෝගය කොතෙක්‌ ව්‍යාප්ත වෙමින් පැවතුන ද සෞඛ්‍යාරක්‍ෂිතව ජලය පානය කිරීම කෙරෙහි ජනතාවගේ අවධානය යොමුවීම අඩු බව පෙනී යන අතර සෞඛ්‍ය ආරක්‍ෂිත වැසිකිළි පහසුකම්වල අඩුපාඩු ද තවත් බලපා ඇති එක්‌ කාරණාවක්‌ බව පෙනී යයි.

ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මල්ලැහැව ගම්මානය පුරා විශාල පිරිසක්‌ මෙම රෝගයට ගොදුරුවී ඇති අතර ඇතැමුන් රෝගී තත්ත්වය සැඟවීමට උත්සාහ කරන බව කියයි. එසේම රෝගය නිශ්චය කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස්‌වලට අනුව පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවලින් රුධිර සාම්පල් පරීක්‍ෂාවට රුපියල් 1200 ක්‌ පමණ අය කරන නිසා මුදල් අගහිඟතාව හේතුවෙන් ඒ සඳහා යොමු නොවී ගොඩ වෙදකමේ පිහිට පැතීමට ඇතමුන් පෙළඹී තිබෙන බව කියන්නේ ඒ ගමේ පදිංචි ජනතාවමය.

මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සහ එය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ ගෙන ඇති ඉදිරි පියවර සම්බන්ධයෙන් ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මියගෙන් විමසන ලදුව ඇය කියා සිටියේ මෙවැනි අදහසකි.

මේ වන විට රෝග තත්ත්වය පාලනය වෙලා තියෙනවා. අලුත් රෝගීන් හමුවෙලා නැහැ. අපිරිසිදු ජල මූලාශ්‍ර තමයි මේ සඳහා හේතු වෙලා තියෙන්නේ. සිද්ධියට මූලික වෙලා තියෙන ජල මූලාශ්‍රය පසුගිය කාලයේ ක්‌ලෝරීන් කරල නැහැ. මේ සඳහා සෞඛ්‍ය අංශය, ප්‍රාදේශීය සභාව, ජල සම්පත් මණ්‌ඩලය මේ සියලු දෙනාටම වගකීමක්‌ තියෙනවා. මේ වන විට ජනතාව දැනුවත් කරලා තියෙනවා. බිබිල මූලික රෝහලට අවශ්‍ය බෙහෙත් සහ වෛද්‍ය උපකරණ සපයල තියෙනවා. ජනතාව දැනුවත් වෙන්න ඕනෑ. වසංගත රෝගී තත්ත්වයන්වලදී රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්න. මේ වන විට රුධිර පරීක්‍ෂා කිරීම් කරන්න බිබිල රෝහලට අවශ්‍ය පහසුකම් දීලා තියෙන්නේ. ඒ ජනතාවගේ ද වගකීමක්‌ තියෙනවා උතුරුවා නිවාගත් ජලය භාවිතයට ගැනීම සහ සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස්‌ නිසි පරිදි පිළිපැදීමට.

නයන ඉහළගෙදර, සේනක දිල්හාන්
මොණරාගල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.