කඹුරුපිටියේ කුණු රෝහල ලෙඩ කරවයි

සභාපතිගේ පොරොන්දුව පුස්‌සක්‌ වෙයි


පී. එල්. ජයවර්ධන - කඹුරුපිටිය

කඹුරුපිටිය නගරයේ එක්‌රැස්‌ වන කුණු කසළ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව මගින් කඹුරුපිටිය මූලික රෝහල් භූමියට බැහැර කිරීම නිසා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සහ කාර්ය මණ්‌ඩලය බලවත් දුෂ්කරතාවට පත්ව සිටින බව රෝහල් සංවර්ධන පදනම පෙන්වා දෙයි.

නගරයේ මාළු වෙළෙඳපොළේ එකතු වන අපද්‍රව්‍ය ඇතුළුÊනගරයේ ඇති සියලු අපද්‍රව්‍ය රෝහල් භූමියට බැහැර කිරීම නිසා ඒ අවට දැඩි දුර්ගන්ධයක්‌ පැතිරෙමින් පවතී. මෙම කසළ නිසා බෝවන මැස්‌සන් රෝහලේ බාහිර රෝගී අංශය, රෝහල් වාට්‌ටුවල සහ මුළුතැන්ගෙය ඇතුළුÊසියලු ස්‌ථාන ආක්‍රමණය කර ඇති අන්දම දැක ගත හැකිය. රෝහල පුරා සිටින මැස්‌සන් නිසා රෝහල තුළ විෂබීජ පැතිරීමේ අවදානමක්‌ ඇතිවී තිබේ. නගරයේ කුණු රෝහල් බිමට බැහැර කිරීම නවතා දමන ලෙස 2013.03.11 දින පැවති කඹුරුපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී රෝහල් අධ්‍යක්‍ෂිකා ඡේ. ඒ. රණසිංහ මහත්මිය විසින් ඉල්ලීමක්‌ කරනු ලැබුවාය. ඊට ප්‍රතිචාර දැක්‌වූ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන සිරිබද්දන මහතා රෝහලේ කුණු කසළ රෝහලේම බැහැර කිරීමට කටයුතු කරන ලෙසත් නගරයේ කුණු සතියකින් රෝහල් බිමට දැමීම නතර කරන බවද පැවසීය. එහෙත් එයින් සති 27 ක්‌ ඉක්‌ම ගොස්‌ ඇතත් තවමත් නගරයේ කුණු කසළ රෝහල් බිමට බැහැර කිරීම කනගාටුදායක බව රෝහල් සංවර්ධන පදනමේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.