වෛද්‍ය වර්ජනයක්‌ ළඟදීම

ඒමන්ති මාරඹේ

රජයේ රෝහල් වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්‌ථාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඉදිරි දෙසතිය ඇතුළතදී දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

මෙම වර්ජනය අඛණ්‌ඩ වර්ජනයක්‌ ද නැතිනම් සංකේත වර්ජනයක්‌ ද යන්න මෙම 29 වැනිදා පැවැත්වෙන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහ සභා රැස්‌වීමේදී තීරණය කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමෙන් රජයේ වෛද්‍යවරුන්ගේ පත්වීම් හා උසස්‌වීම් ඇනහිට ඇති බව සංගමය කියයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.