ගත වූ මාස 09 ට ඩෙංගු රෝගීහු විසි දහසක්‌

ඒමන්ති මාරඹේ

මෙම වසරේ ගතවූ මාස 9 ක කාලයේදී දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට විසි දහස ඉක්‌මවා තිබේ. ගතවූ මාස 9 දී දිවයිනෙන් ඩෙංගු රෝගීන් විසිතුන් දහස්‌ නවසිය හැත්තෑ හත්දෙනකු (23,977) වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වූ මාස වශයෙන් ජනවාරි (රෝගීන් 3,462) පෙබරවාරි (රෝගීන් 3,256) හා අගෝස්‌තු (රෝගීන් 3,219) වශයෙන් ප්‍රකාශයට පත්ව තිබේ.

වසරේ මෙතෙක්‌ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තාවී ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වන අතර එම සංඛ්‍යාව හත්දහස්‌ දෙසිය අනූනවයකි. (7,299) එයින් රෝගීහු දෙදහස්‌ එකසිය අනූවක්‌ (2,190) කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.