උතුරු මැද අඩු වයස්‌ ගැබ් ගැනීම් වැඩිවෙලා
- විශේෂඥ වෛද්‍ය හරේන්ද්‍ර සිල්වා

තඹුත්තේගම - සී. එම්. ආරියපාල

අඩු වයසෙන් ලිංගිකව හැසිරී ගැබ් ගන්නා කාන්තාවන් අනුරාධපුර ප්‍රදේශයේ වැඩි බව ප්‍රසව නාරිවේදී විශේෂඥ වෛද්‍ය හරේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ප්‍රජනන පද්ධතිය හා පවතින රෝග කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමේ අරමුණින් සුවනාරි ජංගම සේවාව ආරම්භ කර තිබෙනවා. කාන්තාවන්ගේ ගර්භාෂය සහ ඩිම්බකෝෂ ආශ්‍රිතව සහ පියයුරු පිළිකා පරීක්‍ෂාව සහ ඒ පිළිබඳ රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීමට මෙම ජංගම සේවා පළාත් සෞඛ්‍ය ඇමැති එච්. පී. සේමසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි ආරම්භ කර තිබෙනවා.

ගැබ්ගෙල පිළිකා සෑදීමේ ප්‍රවනතාවය වැඩිවන නිසා මෙම ගැබ්ගෙල පිළිකා පරීක්‍ෂාව සිදුකිරීම තුළින් නිරෝගී පරපුරක්‌ සමාජයට එක්‌ වනවා. මෙම ගැබ්ගෙල පිළිකා සෛල හඳුනා ගැනීම මගින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සුවකර ගත හැකියි.

ගැබ්ගෙළ පිළිකා ඇතිවීම තුළින් ගර්භාෂය ඉවත් කිරීමට සිදුවෙනවා. එසේ ඉවත් කළ පසු ගැහැනුකම අඩු වෙනවා. ඇඟ රළු වෙනවා. ලෙඩ රෝග වැඩියෙන් හැදෙනවා. 75% ක්‌ ම ගැබ්ගෙල පිළිකා තත්ත්වය වැඩි වූ විට එය මඟහරවා ගැනීම සඳහා මෙම සුවනාරි ජංගම සේවාව ගමින් ගමට ගොස්‌ කාන්තාවන් පරීක්‍ෂාකර ප්‍රතිකර්ම ලබාදීමට අවශ්‍ය කටයුතු කරනවා. මෙම අවස්‌ථාවට උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍ර චන්ද්‍රදාස, සහකාර ලේකම් ඩබ්. පී. එස්‌. වික්‍රමගේ මහතා ද පූර්ව ළමා විය අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මික සිල්වා මහතා ද සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.