දිවයින පුරා රෝහල් රැසක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්‌

ජයන්තිපුර - උඩගෙදර

දිවයින පුරා පිහිටා ඇති රෝහල් රැසක අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 15 ක හිඟයක්‌ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

අසාධ්‍ය රෝගීන්ට ලබාදෙන අන්තර්ශිරා ප්‍රතිජීවක ඖෂධ වන මෙරපනම්, ඉම්පෙනම්, වැන්කොමයිසින් යනාදිය හා සියලු රෝහල්වල තිබිය යුතු ජීවිතාරක්‍ෂක ඖෂධයක්‌ වන ඇඩ්රනලින්  පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය වෙන්නා වූ ඇක්‌ටිනොමයිසින් ඩී නියුෙµdaජන්වලද හිඟයක්‌ ඇත.

එමෙන්ම ඔම්ප්‍රසෝල් නිµsඩිපීන් ලොසාටන් ඇමොක්‌සිලින් ඇමොක්‌සිලින් සිරප්, ඉම්යුනොග්ලොබියුලීන් හෙවිමාර්කේන් ඒ ටොවස්‌ටෙයින් ප්‍රොබන්තීන් විටමින් සී ද වේ.

එමෙන්ම මෙම ඖෂධ වර්ග අතර නිර්වින්දනය, ප්‍රතිශක්‌තිකරණ එන්නත් හා ප්‍රතිජීවක අතර අධි රුධිර පීඩනයට භාවිත කරන මෙන්ම කොලොස්‌ටරෝල්වලට භාවිත කරන ඖෂධ පවා හිඟවී ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වෛද්‍ය සැපයීම් අංශය භාර අධ්‍යක්‍ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී කියා සිටියේ මෙරපනම්, වැන්කොමයිසින්, ඉම්පෙනම්, ඇමොක්‌සිලින් සිරප් ප්‍රොබන්තීන් යන ඖෂධ වර්ගවල හිඟයක්‌ ඇති බවයි.

ඒවා ඉදිරි කාලය තුළ කඩිනමින් ගෙන්වා රෝහල්වලට බෙදා හැරීමට කටයුතු කරන බවත් වෙනත් කිසිදු ඖෂධ වර්ගවල හිඟයක්‌ නැති බවද ඒ මහතා සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.