යකඩ පෙති බිව් සිසුන් ගුරුවරුන් අසාධ්‍යව රෝහලේ

අළුත්ගම හෙන්රි

පාසල් සිසුන්ගේ නිරක්‌තිය (රක්‌තහීනතාවයට) ප්‍රතිකර්මයක්‌ වශයෙන් බෙන්තොට ප්‍රදේශයේ පාසල් සිසු-සිසුවියන්ට "යකඩ පෙති" බෙදාදීමේ අවස්‌ථාවේදී බෙන්තොට ගාමිණී ජාතික පාසලේ ගුරු මහත්මීන් දෙදෙනකු ද සිසුන්ට ලබාදෙන යකඩ පෙති නිසි උපදෙසකින් තොරව පාවිච්චි කිරීම නිසා ඔවුන් දෙදෙනාට හා සිසුන් 30 දෙනකුට වමනය, ක්‌ලාන්තය, හිසරදය වැළඳීම නිසා බෙන්තොට රජයේ රෝහලට ඇතුළත් කොට පැය දෙකකට පසුව ආපසු යවා ඇත.

ඉකුත් සිකුරාදා පෙරවරුවේ සිදුවූ මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ සිසුන්ට පමණක්‌ වූ යකඩ පෙති ගුරු මහත්මීන් දෙදෙනකු ද පාවිච්චි කිරීමත්, අවිධිමත් ආකාරයෙන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත්, සිද්ධියට මුහුණ දුන් සිසු-සිසුවියන් පාසලේ වැසිකිළි වෙත යැමෙන් පසු ඒවායේ ජලය නොතිබීමත්ය.

මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ ගාමිණි ජාතික පාසලේ 7 වැනි ශේ්‍රණියේ සිසු-සිසුවියන් 30 දෙනකු හා ගුරු මහත්මීන් දෙදෙනෙකි.

යකඩ පෙති පාවිච්චි කිරීමේ විධිමත් ආකාරය වන්නේ කලින් පණු පෙත්තක්‌ පාවිච්චි කිරීම, ඉන් පසුව "සී" විටමින් පෙත්තක්‌ සමග යකඩ පෙත්තක්‌ ආහාරයෙන් පසුව පාවිච්චි කිරීමත්ය. මෙහිදී මේ කිසිවක්‌ සිදුවී නැත. සිසුන්ට උපදෙස්‌ වශයෙන් ලැබී ඇත්තේ "කෑමෙන් පසුව ගන්න" යන්න පමණකි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.