සම්පත් බැංකුව සුළු හා
මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්‌තිමත් කරයි


දේශයේ ශක්‌තිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය ශ්‍රී ලාංකීය ආර්ථිකය තුළ ප්‍රධාන කාර්යයන් රැසක්‌ ඉටු කරයි. රැකියා අවස්‌ථා උත්පාදනය , දේශීය සම්පත් කාර්යක්‍ෂමව උපයෝජනය, ව්‍යවසායකත්වයට උචිත. සංස්‌කෘතිකයක්‌ රට තුළ බිහි කිරීම සහ ශ්‍රී ලංකාවෙන් විදෙස්‌ රටවලට ගලා යන විදේශ මුදල් ගලනය රට තුළ ඉතිරි කිරීම ඒ අතර ප්‍රධාන වේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැවැන්ත ශක්‌තියක්‌ ආර්ථිකයට ලබා දුන්නද සමහර ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් සාර්ථක ව්‍යවසායකත්ව කුසලතාවන්ගෙන් සමන්විත නොමැති බව පෙනී යයි. විශේෂයෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඔවුන් සතු මූල්‍ය සම්පත්වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය කුසලතාවයන්ගේ සහ හැකියාවන්ගේ විශාල අඩුවක්‌ දක්‌නට ලැබේ.

ව්‍යාපාර හිමිකාරීත්වය දරන බොහෝ සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තුළ නිසි මූල්‍ය විනයක්‌ නොමැතිකම ව්‍යාපාර තීරණ ගැනීමේදී අහිතකරව බලපායි. ඔවුහු බොහෝ අවස්‌ථාවල බැංකු වැනි මූල්‍ය ආයතන ලබාදෙන උපදෙස්‌ නොපිළිපදින අතර ප්‍රාග්ධන අවධානම් පිළිබඳව එතරම් සැලකිල්ලක්‌ නොදක්‌වති.

සම්පත් බැංකුව ඔවුන්ගේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක්‌ වැදගත් පියවරක්‌ ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීමට කටයුතු කරන්නේ ඔවුන්ගේ උපරිම හැකියාවන් සහ දක්‍ෂතාවන් එළිදැක්‌වීමටයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන වැඩසටහන්වලදී සම්පත් බැංකුව මූලික වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ පහළ සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙතය. මෙම වැඩසටහන් තුළදී ව්‍යවසායකත්ව දක්‍ෂතා සහ හැකියා සංවර්ධන පුහුණු කිරීම්, ව්‍යාපාර කළමනාකරණ සහ ව්‍යාපාර සැලසුම් සැකසීම පිළිබඳ දැනුම ලබාදීම, විශිෂ්ට ව්‍යවසායකයන් සහ ව්‍යාපාර ආයතන සමාලෝචනය, විශිෂ්ට ව්‍යවසායකයන් හඳුනා ගැනීම, මූල්‍ය සහාය ලබාදීම, ව්‍යාපාර උපදේශනය ආදී තවත් බොහෝ දේ අවධානයට ලක්‌ කරයි.

සංස්‌කරණය - අසෝක වන්නිආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.