මුම්බායි ත්‍රස්‌ත ප්‍රහාරක
අඡ්මාල් කසාබ් ගේ මිල ලක්‌ෂ එකහමාරක්‌ද ?



මුම්බායි ප්‍රහාරයට පැමිණ අත්අඩංගුවට පත්වූ අඡ්මාල් කසාබ් නම් ත්‍රස්‌තවාදියා ඔහුගේ දෙමාපියන් විසින් ලක්‌ෂාර් ඊ. ටොයිබා සංවිධානයට ලක්‌ෂ එකහමාරකට විකුණා ඇතැයි හෙළිව තිබේ.

අඡ්මාල් කසාබ් 2008 නොවැම්බර් 26 මුම්බායි නුවරට එල්ල කළ ත්‍රස්‌ත ප්‍රහාරයේ සාමාජිකයකු අතර මේ චෝදනා මත 2012 නොවැම්බර් 21 වැනිදා පූනේ බන්ධනාගාරයේදී ඔහුව එල්ලා මරණ ලදී. අඡ්මාල් මවුපියන් විසින් විකුණා ඇති බව හෙළිකර ඇත්තේ පාකිස්‌තාන මාධ්‍යවේදී ජුන්ගු මෝෂින් විසිනි.

අඡ්මාල් කසාබ් අත්අඩංගුවට පත්වීමෙන් පසුව මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර තිබුණේද තමා මේ සංවිධානයට බැදුණේ තම පවුලේ යහපත පිණිස බවයි. කසාබ් ඉන්දීය ආරක්‌ෂක බලධාරින් විසින් අත්අඩංගුවට පත්වූ පසු ඔහුගේ මව හුරී ලායි හඩා වැටෙමින් තමා කළ වැරැද්ද ගැන සිහිකළ බව තමන්ට දැනගන්නට ලැබුණු බව පාකිස්‌තාන මාධ්‍යවේදියා වැඩිදුරටත් හෙළිකර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.