ටි්‍රනිඩෑඩ් සහ ටොබාගෝ

ටි්‍රනිඩෑඩ් සහ ටොබාගෝ ජනරජයේ ජනගහනය මිලියන 1.3 කි. භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 1980 කි. අගනුවර පෝට්‌ඔµa ස්‌පේන් නමින් හැඳින්වේ.

ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි වන අතර දැනට ක්‍රිස්‌තියානි - ඉස්‌ලාම් සහ හින්දු වේ.

මුදල් ව්‍යවහාරය ටි්‍රනිඩෑඩ් සහ ටොබාගෝ ඩොලරයයි. ඛනිජ තෙල්, ඛනිජ තෙල් නිෂ්පාදන, ස්‌වාභාවික ගෑස්‌ සහ රසායනික ද්‍රව්‍ය ප්‍රධාන නිර්යාක වේ.

1498 දී ගවේෂක ක්‍රිස්‌ටෝපර් කලම්බස්‌ මෙම දූපත් වලටද පැමිණ ඊට ටි්‍රනිඩෑඩ් සහ ටොබාගෝ යයි නම් කළේය. 1532 දී ස්‌පාඤaඤ පාලනයට නතුවිය. එහෙත් 1630 දී ලන්දේසිහු පැමිණ උක්‌ වගාව ආරම්භ කළේය. 1962 දී ටි්‍රනිඩෑඩ් සහ ටොබාගෝ ඇමරිකානු සංගමයට එක්‌විය. මේ අතර 1976 දී එලිස්‌ ක්‌ලාක්‌ ජනාධිපති ලෙසද එරික්‌ විලියම්ස්‌ අගමැති ලෙසද පත්විය.

1981 දී අගමැති විලියම්ස්‌ මියයැමෙන් පසු කෘෂිකර්ම ඇමැති ජෝර්ඡ් චෙම්බර්ස්‌ අගමැති විය.

1986 දී ආතර් රොබින්සන් අගමැති ලෙස පත්විය. 1987 දී නුර් නයන්අලි ජනාධිපති විය. එහෙත් 1990 දී ඉස්‌ලාමීය අන්තවාදීහු පොලිස්‌ මූලස්‌ථානය පුපුරුවා හැර අගමැති රොබින්සන් ඇතුළු නිලධාරීන් පැය කීපයක්‌ තිස්‌සේ ප්‍රාණඇපකරුවන් බවට පත්කරගෙන සිටි බව හෙළිවිය. 1991 පැවැති මැතිවරණයෙන් පැට්‌රික්‌ මැනින්ගේ පී. එන්. එම්. පක්‍ෂය ජය ලබා ඔහු අගමැති විය.

1995 දී බැස්‌කියෝ පැන්ඩේට අගමැති ධුරය හිමිවිය. ඔහු 2000 වසරේදී ද ජයගත්තේය.

2003 මාර්තු මස මැක්‌ස්‌වෙල් රිචඩ් ජනාධිපති විය. එම වසරේ අගෝස්‌තු මස රජය සතු දැවැන්ත සීනි කම්හලක්‌ කරොනි වසාදමනු ලැබීය. ඉන් 8000 කට රැකියා අහිමි විය.

2005 අප්‍රේල් මස ටි්‍රනිඩෑඩ් අධිකරණය ස්‌ථාපිත කෙරුණි. බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයේ නඩු ඇසීම ඉවත් විය.

2006 අප්‍රේල් මස හිටපු අගමැති බැස්‌ඩියෝ පැන්ටේ දූෂණ චෝදනාවකට ලක්‌වී වසර දෙකක සිරදඬුවමක්‌ නියම විය.

2010 මාර්තු මස ජනතා සහයෝගිතා සන්ධානය ජය ගැනීමෙන් කමලා ප්‍රසාදි බිග්යෙස්‌යාර් අගමැතිනිය ලෙස පත්වූවාය.

2011 නොවැම්බර් මස ඇයව ඝාතනය කිරීමට දැරූ උත්සාහයක්‌ ගැන හෙළිවිය. එම ඝාතන සැලසුම ව්‍යර්ථ කිරීමට ආරක්‍ෂක අංශවලට හැකි විය.

2013 මාර්තු මස විනිසුරු ඇන්තනි කාර්ටෝනා ටි්‍රනිඩඩ් සහ ටොබාගෝ ජනාධිපති ලෙස පත් විය. එහෙත් ඔහුගේ බලය නැති කළේ වත්මන් අගමැතිනිය කමලා ප්‍රසාදි හිටපු නීතිපතිවරියයි. ඇය දූෂණ මර්දන ක්‍රියාදාමයන්හි නිරතවීම නිසා ජනතා ප්‍රසාදය හිමි විය.

කීර්ති වර්ණකුලසූරිය
 


ඩොමිනිකා


කැරිබියානු රටක්‌ වූ ඩොමිනිකා රාජ්‍යයේ ජනගහනය 70,000 නිÊ. වර්ග සැතපුම් 290 ක භූමි ප්‍රදේශයකට සීමා වී ඇති ඩොමිනිකා රාජ්‍යය කැරිබියානු ඩොලර් මුදල් ව්‍යවහාරය ලෙස භාවිත කරයි.

ප්‍රධාන අගනුවර රොසීයු නමින් හඳුන්වනු ලබයි. ඉංග්‍රීසි හා ප්‍රංශ ප්‍රධාන භාෂා වේ. කෙසෙල් කැන් සමඟ එළවළු ග්‍රේප් පෘට්‌ දොඩම් එරට ප්‍රධාන නිර්යාත වේ. බහමාස්‌හි ආගම කිතු දහමයි.

1493 දී ගවේෂක ක්‍රිස්‌ටෝපර් කලම්බස්‌ මෙම දූපතට පැමිණ ඊට ඩොමිනිකා යෑයි නම් කළේය. එහි තේරුම ඉරිදා දූපත බවයි.

1627 දී ඩොමිනිකා රාජ්‍යයේ පාලකයා ලෙස බ්‍රිතාන්‍ය විසින් කාලිස්‌ලේ ආදිපාදවරයාව පත්කරනු ලැබීය.

1653 දී ඩොමිනිකා දූපත ගැන ප්‍රංශය හා බ්‍රිතාන්‍යය අතර අර්බුදයක්‌ මතුවිය. ඉන් බ්‍රිතාන්‍යයට දූපත හිමිවිය.

1834 දී වහල් සේවය අවලංගු විය. 1961 දී ඩොමිනිකා කම්කරු පක්‍ෂයේ නායක එඩ්වඩ් ලේබ්ලැන්ක්‌ මහ ඇමැති ලෙස පත්විය.

එහෙත් ඩොමිනිකා දූපතට නිදහස හිමිවූයේ 1978 වසරේදීය.

මුල්ම අගමැති ලෙස පැට්‌රික්‌ ජෝන් පත්විය.

1980 දී ඊව්ජිනියා චාල්ස්‌ගේ ඩොමිනිකා නිදහස්‌ පක්‍ෂය ජය ලැබීම නිසා ඇය මුල්ම අගමැතිනිය ලෙස පත්විය.

එහෙත් 1981 දී ඇයට එරෙහිව කුමන්ත්‍රණ දෙකක්‌ දියත් විය. ඊට සහාය දැක්‌වූයේ හිටපු අගමැති ජෝන්ය.

1985 දී හියුබට්‌ ජෝන් වරදකරු වී වසර 12 ක සිර දඬුවමක්‌ නියමවිය.

1995 වසරේදී එක්‌සත් කම්කරු පක්‍ෂයේ නායක එඩිසන් ෙ-ම්ස්‌ ජය ලබා අගමැති විය.

ඊව්ජිනියා චාල්ස්‌ දේශපාලනයෙන් සමුගත්තේය.

2000 ජනවාරි මස රොයි ඩග්ලස්‌ අගමැති ධුරයට පත්වීය. එහෙත් එම වසරේ ඔක්‌තෝබර් මස ඩග්ලස්‌ මියගියේය. ඔහු වෙනුවට පියරේ චාල්ස්‌ පත්විය.

2004 ජනවාරි මස පියරේ චාල්ස්‌ සිය කාර්යාලය තුළ මියගොස්‌ සිටියදී සොයාගැනිණි. නව අගමැති ලෙස අධ්‍යාපන ඇමැති රූස්‌වේල්ට්‌ ස්‌කෙරිට්‌ පත්විය.

2005 මැයි මස ඩීන් කුණාටුව ඩොමිනිකා රාජ්‍යයේ කෙසෙල් වගාවෙන් සියයට 99 ක්‌ම විනාශ කළේය.

2009 ජනවාරි මස ඩොමිනිකන් කම්කරු පක්‍ෂයේ රූස්‌වෙල්ට්‌ ස්‌කේරිට්‌ ජනාධිපති විය.

කීර්ති වර්ණකුලසූරිය

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.