2013 නොවැම්බර් 05 අගහරුවාදා

 

 

    
    
    Divaina Editor
    contact webmaster

එජාප නායක ජාතික නායක විපක්‌ෂ නායක රනිල්

සිරිකොතේදී ඊයේ (4 වැනිදා) සවස 04.00 ට පමණ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී රැස්‌වීම පැවැති අතර එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වී ඇත්තේ පිහිටුවීමට යන මෙම නායකත්ව මණ්‌ඩලය සම්බන්ධවය.

නායකත්ව මණ්‌ඩලයෙන් සජිත් ඉල්ලා අස්‌වෙයි
එජාප නායකත්ව මණ්‌ඩලයෙන් තමන් ඉල්ලා අස්‌වන බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා "දිවයින"ට ඊයේ (4 වැනිදා) රාත්‍රි පැවසීය.

බසයක්‌ ප්‍රපාතයට: 9ක්‌ මරුට
බණ්‌ඩාරවෙල සිට පූනගල දක්‌වා ධාවනය වෙමින් තිබූ ලංගම බස්‌රියක්‌ ඊයේ (04 දා රාත්‍රි 7.30 ට පමණ මාපිටිය ප්‍රදේශයේදී මීටර් 300 ක්‌ පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමෙන් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක ඇතුළු 09 දෙනකු මරු මුවට පත්වී 17 දෙනකු පමණ තුවාල ලබා ඇත.

සැකකරු රට සිට
ආවොත් වහා
අත්අඩංගුවට ගන්න
අධිකරණයෙන් නියෝග

පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩල සකසුරුවම් සමිතියේ මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන එම සමිතියේ හිටපු භාණ්‌ඩාගාරික යූ. ඩබ්ලිව්. පී. ධර්මප්‍රිය නමැත්තා විදේශයක සිට පැමිණියහොත් හෝ විදේශ ගතවීමට උත්සාහ කළහොත් ඔහු අත්අඩංගුවට ගෙන වහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවෙල මහතා ඊයේ (04 දා) ආගමන විගමන පාලකවරයාට නියෝග කළේය.


"කෑම කොළේ"
දුර දිග යයි
බත් කමින් සිටි
පාසල් සිසුවාට
ගුරුවරයා කන
පැලෙන්න ගහල

අරලගංවිල, විලයාය මහා විද්‍යාලයේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයකු එම විද්‍යාලයේ 11 වැනිs ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පසුගිය සිකුරාදා (01දා) දහවල් පාසල තුළදී දිවා ආහාරය ගනිමින් සිටින අවස්‌ථාවේ කන පැලෙන්න පහර දුන් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

කාලගුණය දරුණු අතට

මේ දිනවල දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සවස්‌ කාලයේ අකුණු අනතුරු ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට නැවත නැවතත් අනතුරු අඟවයි.


වාස්‌ගේ සගයන්ගෙන් සාක්‍ෂිකරුවන්ට බලපෑම්
සී.අයි.ඩී අධිකරණයට කියයි

බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැති අය පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු වාස්‌ ගුණවර්ධන යන සැකකරුවන් ඔවුන්ගේ ඥතීන් හා මිතුරන් මගින් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට විවිධාකාරයේ බලපෑම් සිදුකරන බවට පැහැදිලිව අනාවරණ වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (4 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඩී. ඒ. රාජපක්‍ෂ
සමරුව හෙට

බෙලිඅත්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූද, හිටපු ඉඩම් උප ඇමැතිවරයා වූද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු උප කථානායකවරයා වූද, දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ 46 වැනි ගුණ සමරුව මේ මස 06 වැනිදාට යෙදී ඇත.

තරාතිරම වැඩක්‌ නෑ
යුද හමුදාවේ නම
කැත කළොත්
යුද අධිකරණය හමුවට

යුද හමුදාවේ කීර්ති නාමය කෙලෙසමින් අපරාධ, සොරකම්, දූෂණ අක්‍රමිකතාවල නිරත යුද හමුදා නිලධාරීන් සහ සෙබළුන් තරාතිරම නොබලා යුද අධිකරණ වෙත පමුණුවා උපරිම දඬුවම් ලබාදෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක "දිවයින"ට පැවසීය.

කැසිනෝ ගැසට්‌
එක ළඟ ළඟ එයි

කැසිනෝවලට අදාළ ගැසට්‌ නිවේදනය පසුගිය සතියේ අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් නොකළේ ඊට ඇතුළත් කිරීමට යන සංශෝධන තවමත් කෙටුම්පත් කොට අවසන් නොකළ නිසා යෑයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.


කොටින් අවි ගබඩා කළේ වන්නියේ රෝහල්වල
වසර හතරකට
පසු හෙළිවෙයි


කොටි සංවිධානය අවි ආයුධ ගබඩා කළේ වන්නියේ රෝහල්වල යෑයි සිව් වසරකට පසු ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ අග්නිදිග ආසියානු ප්‍රධානි ජැක්‌කියු ඩී මයිඩ් අනාවරණය කර ඇත.


ගිනි පොලියට ණය
අරගෙන නූපන් පරපුරත්
උගසට තබලා
ජනතාව හාමතේ තබන
මේ ආණ්‌ඩුව
පන්නා දැමීමේ කාලය
දැන් උදාවෙලා

එජාප මන්ත්‍රී නිරෝෂන් පෙරේරා

ඉතිහාසයේ කිසිදු ආණ්‌ඩුවක්‌ සිදු නොකළ ආකාරයට වත්මන් ආණ්‌ඩුව විදේශ රවවලින් හා ආයතවලින් ගිනි පොලියට ණය ලබාගෙන නූපන් පරපුරද උකසට තබා ඇති බව පුත්තලම දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.


දිවයින  සැනෙකින් පුවත්

එජාප නියෝජිතයන් මානව හිමිකම් කොමිසමට පැමිණ... ඡායා - සමන් අබේසිරිවර්ධන


මානව හිමිකම් කොමිසමට එජාපයෙන්
පැමිණිලි 11ක්‌

මාතර ගැටුqමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් එකළොස්‌ දෙනකු (11) අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම මගින් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එක්‌සත් ජාතික පක්‌ෂය ඊයේ (4 වැනිදා) මානව හිsමිකම් කොමිසමට පැමිණිලි 11 ක්‌ ඉදිරිපත් කළේය.


හෝමාගම මන්ත්‍රීවරිය වෙළෙඳසලක
යකා නටයි

සැකකාරිය
කොටු කර
ගන්න පරීක්‌ෂණ

කොට්‌ටාව මාකුඹුර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සල් දෙකකට හා වාහන කීපයකට පහරදී අලාභහානි සිදු කරන ලදැයි කියන සිද්ධියකට අදාළව හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී නීලකාන්ති සමරවික්‍රම (එ.ජ.නි.ස) අත්අඩංගුවට ගැනීමට හෝමාගම මූලස්‌ථාන පොලිසිය පුළුල් පරීක්‌ෂණයක්‌ අරඹා තිබේ.


ශ්‍රී ලාංකික
සරණාගතයෝ හා තමිල්නාඩු
වැසියෝ ගැටෙති

15 දෙනකුට තුවාල

තමිල්නාඩු වැසියන් හා එහි වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් අතර පෙරේදා (3දා) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 15 දෙනකු තුවාල ලබා ඇත.


ඉන්දියාවට
සරදමක්‌
මියගිය කොටින් වෙනුවෙන්
තන්ජවූර්වල ස්‌මාරකයක්‌

ඉන්දීය රජයේ කොටි තහනම අභියෝගයට ලක්‌කරමින් ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමේ ස්‌මාරකය මෙම 8 දා තන්ජවූර්හිදී කොටි හිතවාදීන් විසින් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.


ඉන්දීය අගමැතිට යාපනයට එන්න
යෑයි කීම:
මම ආණ්‌ඩුවේ කොන්ත්‍රාත්කාරයෙක්‌ නොවෙයි

- විග්නේශ්වරන් කියයි

අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාට තමන් යාපනයට පැමිණෙන ලෙස ආරාධනය කළේ රජයේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටු කිරීමට නොවන බව උතුර පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා යාපනයේදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබේ.


ඖෂධ සමාගම්  නියෝජිතයන්ට පිළිකා රෝහලෙන් වාරණයක්‌

මහරගම පිළිකා රෝහලේ රාජකාරි කාලසීමාවේදී ඖෂධ සමාගම් නිලධාරීන්ට හෝ නියෝජිතයන්ට එම රෝහලට ඇතුළු වීම ඊයේ (04 දා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කර ඇත.


තමන් ගැන කියන්න තැනක්‌ නැති මාධ්‍යවේදීන්ට
ජනමාධ්‍ය පදනම
වේදිකාවක්‌ වේවි

- ඌව පළාතේ මහ
ඇමැති ශෂේන්ද්‍ර රාජපක්‍ෂ






"අනුන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන මාධ්‍යවේදීන්ට තමන්ගේ ප්‍රශ්න ගැන කියන්න ජාතික මාධ්‍ය පදනම බෙහෙවින් ඉවහල් වෙයි කියා මම හිතනවා. ජාතික මාධ්‍ය පදනම අවංකවම ජාතික වැඩපිළිවෙළක්‌
....


පාර්ලිමේන්තු
කාර්ය මණ්‌ඩල
සකසුරුවම් සමිතියේ
කෝටි 10 මකර කටේ?


පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩල සකසුරුවම් සමිතියේ මුදල් රුපියල් කෝටි දහයක්‌ වංචා කිරීමේ සිද්ධියට අදාළව පරීක්‍ෂණ පවත්වන ලෙසට කථානායක චමල් රාජපක්‍ෂ මහතා නියෝග කළ පසුව එම සමිතියේ සියලු ගනුදෙනු ඇතුළත් පරිගණක යන්ත්‍රයේ දෘඨ තැටිය (Hard disk) අතුරුදන්ව ඇතැයි අනාවරණය වේ.


  
 
  • පාර්ලිමේන්තුවේ පක්‍ෂවලට  ආරාධනා

    පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‌ෂ වෙත ආරාධනා කිරීමට රජය තීරණය කර ඇත.
     

  • දිවයින පුවත් පිළිබඳ අදහස්‌

    0 7 1 2 1 0 9 9 9 9 ට වහාම SMS කරන්න  හිතවත් "දිවයින" පාඨකයනි, අද සිට "දිවයින" පත්‍රය සිය ලක්‌ෂ සංඛ්‍යාත පාඨක පිරිස තව තවත් "දිවයින" ට සම්බන්ධ කර ගැනීමේ මාහැඟි පියවරක්‌ තබයි.

 
  • තිස්‌ස අබේසේකරගේ නැන්දණිය ඝාතනය
    යාබද නිවසේ කැමරාවෙන් ඝාතකයෝ හඳුනා ගැනෙති


    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ තිස්‌ස අබේසේකර මහතාගේ නැන්දණිය රාජගිරිය, මොරගස්‌මුල්ලේ නිවස තුළදී ඝාතනය කර රුපියල් ලක්‌ෂ දහයක දේපළ සොරාගෙන පලාගිය සේවයෙන් පහකළ පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ හා යුද හමුදාවෙන් පලා ආ සෙබළෙක්‌ මිරිහාන විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් (02 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

 


 
  • නිදහස්‌ අධ්‍යාපනය 21 ශතවර්ෂයට
    නොගැලපුවහොත් රටම අඳුරේය


    අප රටේ විවිධ දේශපාලන පක්‌ෂ සංවිධාන සරසවි සිසුන් මෙන්ම බෙහෝ ඇදුරන්ද සෑහෙන කලක සිට නිදහස්‌ අධ්‍යාපනය යන වචනය මන්ත්‍රයක්‌ ලෙසින් එසේත් නැතිනම් දේශපාලන වේදිකාවල ගිරිය කැඩෙන තුරු කියවන හිස්‌ සටන් පාඨයක්‌ බවට පත්කොටගෙන ඇති බව අප සැවොම දන්නා කරුණක්‌ වුවද එහි අරුත ඒ කිසිවකු දන්නා බවක්‌ නෙපෙනේ.
     
  • ආශ්චර්ය උදාවිය යුත්තේ  ළමුන්ට නොවේද?

    ආශ්චර්යමත් යුගය නිසැකවම උදාවිය යුත්තේ දැයේ අනාගතය භාරගන්නට ඉන්නා අහිංසක දරු පැටවුන්ටය. උන්ගේ හෙට දවස ආලෝකවත් නොකළොත් අනාගතයේ රට පත්වන්නේ අඳුරකටය.
     

  • ඩෙංගු මර්දනයට ඉස්‌ගෙඩියන්ගේ පිහිට

    අපේ රටේ වටිනා ජීවිත රැසක්‌ මරු තුරුළට කැඳවූ ඩෙංගු මදුරු වසංගතය තුරන් කරන්නට පරිසර හිතකාමී ස්‌වාභාවික ක්‍රමවේදයක්‌ යොදා ගත හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා අංශය මගින් සිදු කළ පරීක්‍ෂණයකින් තහවුරු වී තිබේ. එම අධ්‍යයන අංශයේ ආචාර්ය මාධව මීගස්‌කුඹුර මහතාගේ මගපෙන්වීම යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් වන ගයාන් බෝවත්ත, පියුමාලි පෙරේරා, ගයනි සෙනවිරත්න, සුයාමා මීගස්‌කුඹුර යන අයගේ පූර්ණ නිරීක්‍ෂණ දාය කත්වයෙන් මෙම පර්යේෂණය සිදු කෙරිණි.

  

  • ශ්‍රී ලංකා ටෙලිකොම් දැයේ දරුවන්ගේ
    සුරක්‍ෂිතතාව වෙනුවෙන් හඬ නගයි


    අද දවසේ දරුවන් යනු හෙට දවසේ රට භාර ගන්නට සිටින පිරිස වේ. ළමා අපයෝජනයන් හා සමාජියීය විෂමාචාරවලින් දරුවන් ආරක්‍ෂා කරමින් ඔවුන්ට යහපත් පරිසරයක්‌ උදාකර දීම අද දවසේ රටේ දැවෙන අවශ්‍යතාවක්‌ බවට පත්වී ඇත.
     
  • හවුස්‌ ඔෆ් ෆැෂන් නව මහල් ප්‍රාසාදයකකට

    කඹුරුපිටියේ සිට කොළඹට පැමිණි ප්‍රීති-නීලා ජයවර්ධන යුවළ 1992දී ආරම්භ කළ හවුස්‌ ඔෆ් ෆැෂන් නිමි ඇඳුම්හල 1999දී ඩුප්ලිකේෂන් පාරේ දැවැන්ත පරිශ්‍රයකට ගෙවැදිනි. ඊට වසර දාහතරකට පසුව 2013 නොවැම්බර් මස 04 වැනිදා... එනම් ඊයේ... බොරැල්ල සේනානායක පාරේ පිහිටි නව මහල්... සුවිසල් වෙළෙඳ ප්‍රාසාදයකට හවුස්‌ ඔෆ් ෆැෂන් යළිත් වරක්‌ ගෙවැදිනි. මේ ඒ පිළිබඳ ලිපියකි.

  


 

  

Kapruka Shopping |  News


liya


 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.