මානව හිමිකම් කොමිසමට එජාපයෙන් පැමිණිලි 11ක්‌

පියසේන දිසානායක, අකිත පෙරේරා

මාතර ගැටුqමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් එකළොස්‌ දෙනකු (11) අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම මගින් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එක්‌සත් ජාතික පක්‌ෂය ඊයේ (4 වැනිදා) මානව හිsමිකම් කොමිසමට පැමිණිලි 11 ක්‌ ඉදිරිපත් කළේය.

විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් පසුගිය මස 5 වැනිදා මාතර පැවැති පාගමනට පහර දුන් බවට චෝදනා කරමින් මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් පුද්ගයන්ගෙන් 11 දෙනකු සිද්ධිය වන අවස්‌ථාවේ එහි නොසිටිය අය බව එක්‌සත් ජාතික පක්‌ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා සිය පැමිණිලි ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇත.

මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් අත්තනායක මහතා කියා සිටියේ මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද සිය පක්‌ෂය කටයුතු කරමින් සිටින බවයි.

එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉවත් කළ පිරිසක්‌ විසින් සංවිධානය කරන ලද පාගමනට පහර දුන් බවට චෝදනා කරමින් ඊට කිසිදු සම්බන්ධයක්‌ නැති පුද්ගලයන් මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවා තබාගෙන සිටි බවත් එමගින් අත්අඩංගුවට පත්වූවන්ට අපහාසයක්‌ මෙන්ම ඔවුන්ගේ අයිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්‌ සිදුව ඇති බවත් හෙතෙම කීය.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට මාතර පොලිසිය ක්‍රියාකර ඇත්තේ ආණ්‌ඩුවට සම්බන්ධ කිසියම් පාර්ශ්වයක ගේ වුවමනාවට බව මේ වනවිට එම පක්‌ෂයට සනාථ වී ඇතැයිද අත්තනායක මහතා වැඩිදුරටත් කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.